වයඹ දිග චීනයේ ෂෑන්ෂි ප්‍රාන්තයේ ෂින්මින් නගරයේ සිදුවූ පිපිරීමකින් ගොඩනැගිලි රැසක් කඩාවැටී 14 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

එක් ගොඩනැගිල්ලක ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇතැයි කියති.

147 දෙනකු අනතුරින් තුවාල ලබා ඇතැයිද ගොඩනැගිලි අවට නවතා තිබූ මෝටර් රථ රැසකට ද හානි සිදුවූ බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් චීන බලධාරීහු පරික්ෂණ පවත්වති.

webCHINA-EXPLOSION_SH_3057551fweb580e172fc36188681e8b46f3