චීනයේ කර්මාන්තශාලාවක සිදුවූ පිපිරිමකින් 65 දෙනකු මියගොස් 100ට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර චීනයේ ජියැං ෂු පළාතේ කුන්ෂාන් නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන ආයතනයක මේ පිපිරීම සිදුව ඇත.

මාධ්‍ය වාර්තාකරන්නේ එම පිපිරීම සිදුවන අවස්ථාවේ 450ට අධික සේවක පිරිසක් කර්මාන්තශාලාව ඇතුළත සිටි බවයි. පිපිරිම සිදුවූ ස්ථානයේ සිටි සේවකයන් සංඛ්‍යාව 200කි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

_76693516_chinajiangsukunshan464020814 _76693573_76693556 _76693796_023379145-1