චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ග්ඩොන්හි පතලක් කඩාවැටීමෙන් එහි වැඩකරමින් සිටි සේවකයින් 18 දෙනකු එහි සිරවීමෙන් පසු 11 දෙනකු බේරාගත් බව විදෙස් පුවත් සේවා පවසයි.

ෂිංසුවා ප්‍රවෘත්ති සේවය පවසන්නේ පතලේ සේවකයන් 29 දෙනකු වැඩකරමින් සිට ඇති බවත් තවත් 18 දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් එරට ආපදා කළමනාකරණ අංශ කියයි.

මෙම පතල කඩා වැටීම සිදුව ඇත්තේ චීනයේ දකුණු දිග ෂෙන්සෙන් නගරයේ නායයාම සිදුවීමෙන් දිනකට පසුවය.