චීනයේ පැතිරෙන නව වෛරසය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
අසාදිත රෝගීන් සංඛ්‍යාව 300 ක් ලෙස වාර්තා වන අතර ආසියානු රටවල් බොහොමයක් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
මිනිසුන් අතර වෛරසය පැතිර යා හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ ප්‍රවීණයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇතැයි බියක් ඇති විය.
කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ රෝගය සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධව නිශ්චිත නිගමන වලට එළඹීමට තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි.
මේ සතියේ චන්ද්‍ර නව වසර සමරන චීන ජනයා විශාල වශයෙන් බස් රථ, දුම්රිය හා ගුවන් යානා වලින් එහා මෙහා ගමන් කරන හෙයින් වෛරසය පැතිරීම වේගවත් වීමට ඉඩ ඇතැයි පැවැසේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd