චීනයේ සැණකෙළියක් සඳහා සකස් කර තිබූ දැවැන්ත බැලූනයක් කඩා වැටී ඇතැයි එරට වාර්තා පවසයි. මෙරැන්ටි ටයිපූන් තත්ත්වය හේතුවෙන් මෙම බැලූනය කඩා වැටී ඇතැයි කියති.
හඳක් ආකාරයෙන් සකස් කර ඇති බැලූනය චීනයේ ෆුසෝහු නගරයේ අධිවේගී මාර්ගයකට කඩා වැටී ඇතැයිද එය මෝටර් රථ හා මිනිසුන් මතින් තල්ලුවී ගොස් ඇති බවද වාර්තාවේ.
සරත් ඍතුවේ පැවැත්වෙන සැණකෙළියක් සඳහා මෙය සකසා තිබූ බවත් කියති. ෆුසෝහු නගරයේ මේ වන විටත් දැඩි සුළං හා වැසි ඇති බවත් මේ වසරේ ලොව විශාලතම කුණාටුව ලෙස හැඳින්වෙන මෙරැන්ටි ටයිපූන් තත්ත්වය එම නගරයටද බලපවත්වා ඇති බවත් විදෙස් වාර්තා කියයි.
බැලූනය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට හානියක් සිදුව නැතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd