චීනයේ විවාහවූ යුවළකට එක් දරුවකු පමණක් සිටිය යුතුයි යන නීතිය වෙනස් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි එරට ෂින්හුවා පුවත් ඒජන්සිය ප්‍රකාශ කරයි.
ඒ අනුව චීන යුවළකට දරුවන් දෙදෙනකු සිටීමේ අවස්ථාව උදාවී ඇත.
එක් දරුවකුට පමණක් සීමා විය යුතුයි යන විවාදාත්මක රජයේ ප්‍රතිපත්තිය 1979 වසරේදී ඉදිරිපත් කෙරිණි. චීනයේ ජනගහණ වර්ධන වේගය සීමා කිරීම එහි අරමුණ විය. ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රට චීනය වීම ඊට හේතුවයි. වර්තමානයේ චීන ජනගහණය කෝටි 138 ක් වේ.
කලකට පසු ජනවිකාශ විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් උද්ගතව ඇති සමාජ පිරිවැය ඉහළ යාම හා වැඩකරන සංඛ්‍යාව පහත වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලටගෙන චීනයේ ඇතැම් ප්‍රාන්තවල මෙම නීතිය ලිහිල් කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
හවස් යාමයට ගාලු මුවදොර පිට්ටනියට ගිහින් ටිකක් රෑ වෙනකල් හිටියොත් සැමටම තේරෙයි අතුලගේ කතාව හරි කියලා. (ර)
අතුලගේ අදහසට මමත් එකගයි. (ර)
මෙය හොඳ තීරණයක්. ලස්සන ගැහැනු දැරියක ඉන්න දෙමව්පියනට වුණත තවත් දඟකාර කොලු පැන්චෙක් ඕන වෙන්න පුළුවන්. (අ)
අතුලට හොදටම පිස්සු! මෝඩ කතා කියන්න එපා. (බ)
එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය වෙන කට්ටියකට විතරක් කරන්න ඕන (බ)
ලංකා නමින් ඉන්නේ අරාබියෙන් මෙහෙට ආපු කෙනෙක් වගේ! (බ)
අපේ රටටත් ඔය වගේ ප්‍රතිපත්තියක් ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අනාගතේ!(ම)
ඒ රටවල් වල නායකයන් ඉදිරියේ ඇතිවන ප්‍රශ්න දැකල, උත්තර දැන්ම දෙනවා. එකටත් එක්ක අපේ රටේ අය(රේ)
ස්වභාව දහමට පිටු පෑම තාවකාලික ප්‍රතිලාභ ගෙන දුන්නත් දිගුකාලීනව අසාර්ථකයි . (අ)
සෑම්,මෙහෙ කණගාටු වෙන්න සිදු වෙනවා එක්තරා ජනකොට්ටාසයක් පමණක් වේගයෙන් වැඩිවී නොයෙකුත් අතුරු ප්‍රශ්න වලට මුල පිරිම නිසා.උදාහරණ ලෝකේ වටේ ඇත! (බ)
අතුල , මම ඔබගේ අදහස ගැන කණගාටු වෙනවා. චීනයට තව ටික කාලයකදී විශාල වැඩිහිටි ජනගහණයක් ඇතිවෙන අතර එහිදී මධ්‍යම වයස පසුකළ එක පුද්ගලයෙකු තමාගේ පවුල හැර තවත් වැඩිහිටියන් දෙදෙනෙකු නඩත්තු කළයුතු තත්වයට පත්වෙනවා. (නි)
දියුණු රටවලින් ණයට මුදල් ගෙන රටේ මිනිසුන් හට කන්ට නොදී ආර්ථිකය දියුණු කිරීමේ හිඟන ප්‍රතිපත්තියෙන් ඇත් වී රටේ වැඩි ජන බලයක් මගින් රට තුළ සංවර්ධනය දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.(බ)