චීනයේ විවාහවූ යුවළකට එක් දරුවකු පමණක් සිටිය යුතුයි යන නීතිය වෙනස් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි එරට ෂින්හුවා පුවත් ඒජන්සිය ප්‍රකාශ කරයි.
ඒ අනුව චීන යුවළකට දරුවන් දෙදෙනකු සිටීමේ අවස්ථාව උදාවී ඇත.
එක් දරුවකුට පමණක් සීමා විය යුතුයි යන විවාදාත්මක රජයේ ප්‍රතිපත්තිය 1979 වසරේදී ඉදිරිපත් කෙරිණි. චීනයේ ජනගහණ වර්ධන වේගය සීමා කිරීම එහි අරමුණ විය. ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රට චීනය වීම ඊට හේතුවයි. වර්තමානයේ චීන ජනගහණය කෝටි 138 ක් වේ.
කලකට පසු ජනවිකාශ විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් උද්ගතව ඇති සමාජ පිරිවැය ඉහළ යාම හා වැඩකරන සංඛ්‍යාව පහත වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලටගෙන චීනයේ ඇතැම් ප්‍රාන්තවල මෙම නීතිය ලිහිල් කෙරුණි.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය දරුවන් දෙන්නකුට ඉඩ දෙයි
තිළිණ Wednesday, 04 November 2015 12:15 PM
බොහොම හොඳයි (නි)
ඉමාම් අලි Tuesday, 03 November 2015 09:51 AM
හවස් යාමයට ගාලු මුවදොර පිට්ටනියට ගිහින් ටිකක් රෑ වෙනකල් හිටියොත් සැමටම තේරෙයි අතුලගේ කතාව හරි කියලා. (ර)
කසුන් ධර්මවංශ Monday, 02 November 2015 08:40 AM
අතුලගේ අදහසට මමත් එකගයි. (ර)
උපාලි Saturday, 31 October 2015 07:07 AM
මෙය හොඳ තීරණයක්. ලස්සන ගැහැනු දැරියක ඉන්න දෙමව්පියනට වුණත තවත් දඟකාර කොලු පැන්චෙක් ඕන වෙන්න පුළුවන්. (අ)
ලංකා Sunday, 01 November 2015 04:10 AM
අතුලට හොදටම පිස්සු! මෝඩ කතා කියන්න එපා. (බ)
අමිල Sunday, 01 November 2015 03:42 PM
එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය වෙන කට්ටියකට විතරක් කරන්න ඕන (බ)
උදුල් Sunday, 01 November 2015 06:39 AM
ලංකා නමින් ඉන්නේ අරාබියෙන් මෙහෙට ආපු කෙනෙක් වගේ! (බ)
අතුල Friday, 30 October 2015 08:59 AM
අපේ රටටත් ඔය වගේ ප්‍රතිපත්තියක් ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අනාගතේ!(ම)
සිරා Sunday, 01 November 2015 05:21 PM
ඒ රටවල් වල නායකයන් ඉදිරියේ ඇතිවන ප්‍රශ්න දැකල, උත්තර දැන්ම දෙනවා. එකටත් එක්ක අපේ රටේ අය(රේ)
සොපි Saturday, 31 October 2015 10:47 AM
ස්වභාව දහමට පිටු පෑම තාවකාලික ප්‍රතිලාභ ගෙන දුන්නත් දිගුකාලීනව අසාර්ථකයි . (අ)
අතුල Saturday, 31 October 2015 01:03 PM
සෑම්,මෙහෙ කණගාටු වෙන්න සිදු වෙනවා එක්තරා ජනකොට්ටාසයක් පමණක් වේගයෙන් වැඩිවී නොයෙකුත් අතුරු ප්‍රශ්න වලට මුල පිරිම නිසා.උදාහරණ ලෝකේ වටේ ඇත! (බ)
සෑම් Friday, 30 October 2015 08:50 PM
අතුල , මම ඔබගේ අදහස ගැන කණගාටු වෙනවා. චීනයට තව ටික කාලයකදී විශාල වැඩිහිටි ජනගහණයක් ඇතිවෙන අතර එහිදී මධ්‍යම වයස පසුකළ එක පුද්ගලයෙකු තමාගේ පවුල හැර තවත් වැඩිහිටියන් දෙදෙනෙකු නඩත්තු කළයුතු තත්වයට පත්වෙනවා. (නි)
සෙනරත් Saturday, 31 October 2015 01:33 PM
දියුණු රටවලින් ණයට මුදල් ගෙන රටේ මිනිසුන් හට කන්ට නොදී ආර්ථිකය දියුණු කිරීමේ හිඟන ප්‍රතිපත්තියෙන් ඇත් වී රටේ වැඩි ජන බලයක් මගින් රට තුළ සංවර්ධනය දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.(බ)