චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, එම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ.
තායිවානය යනු චීනය අසල පිහිටි, ස්වයං පාලනයක් සහිත දූපත් රාජ්‍යයකි. අතීතයේ, තායිවානය චීනයට අයත් කොටසක් වූ අතර තවමත් චීනය සලකන්නේ තායිවානය ඔවුන්ට අයත් බවටය. වසර 2025 වනවිට තායිවානය චීනයට අයිති කර ගන්නා බව චීනය අවස්ථා ගණනාවකදී පවසා තිබේ.
පසුගිය දා ‘හතර දෙනාගේ හවුල’ හෙවත් ‘ක්වඩ්’ සමුළුව ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ‘ක්වඩ්’ යනු ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ ජපානය පිහිටුවා ගත් ආරක්ෂක සහයෝගීතා සමුළුවකි. ආසියානු කලාපයට චීනයෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙයි.
එම සමුළුවේදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ, චීනය තායිවානය ආක්‍රමණය කිරීමට සැරැසෙන්නේ නම්, ඇමෙරිකාවේ සහාය තායිවානයට ලබා දෙන බවය. මෙය චීනයේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, චීනය තායිවානය වටා යුද අභ්‍යාසය ආරම්භ කළේ එම ප්‍රකාශයට අභියෝගයක් කරමින් යැයි පැවැසෙයි.
මේ අතර, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ටැන් කිෆි පවසන්නේ තායිවානයේ ස්වාධීනත්වය සඳහා බාහිර බලවේගවල සහ බෙදුම්වාදී උත්සහයන් ව්‍යවර්ථ කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් අරඹයි