චීනයේ යුනාන් පළාතේ බෝසාන් නගරයේ බලධාරීන් ජලභීතිකාව පාලනය කිරීමට බල්ලන් 4900ක් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නගර වැසියන් පස් දෙනකු ජලභීතිකාවෙන් මරුමුවට පත්වීමෙන් පසු ජලභීතිකා වැඩසටහන ක්‍රියාත්මක කැරිණි.
නගර බලධාරීන් පවසන්නේ බල්ලන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් එන්නත් කැර ඇති බවයි.
පසුගිය වසර කීපයේ දී ජලභීතිකාව පැතිරීම පාලනය වී තිබූ බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේ වුව ද බල්ලන් ඇතිකිරීමේ ප්‍රවණතාව වැඩිවීමත් සමග ජලභීතිකාව පැතිරීම පාලනය කළ නොහැකි වූ බව ඔවුන්ගේ මතයයි. නගර වැසියන් බල්ලන් ඇතිකිරීමට උනන්දු වුව ද බල්ලන් නිසි පරිදි එන්නත් කිරීමට උනන්දු නොවීම බරපතල ප්‍රශ්නයක් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සතුන් සමග පවතින සමීප සබඳකම් මගින් ජලභීතිකා වෛරසය පැතිරියාමේ හැකියාව ඇත. සතුන් සපාකෑම් හෝ පහුරු ගෑම මගින් හෝ වෙනයම් ආකාරයකින් සතුන්ගේ කෙළ ශරීරගත වීමෙන් ජලභීතිකාව වැළඳේ.
ඒ වෛරසය මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වී මොළයට හා සුශුම්නාවට මරණීය හානි සිදුකරයි. රෝගයෙන් වළක්වා ගැනීමට ආසාදිතයන්ට එන්නත් මාලාවක් ලබාදීම සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බලුමස් රසකර කන ජාතියක් නේද චීන ජාතිකයන්. (නදී)
එයාලට නම් බල්ලන්ට වැඩිය මිනිස්සු වටිනවා. (නදී)
ජලභීතිකාව නොහැදී තියේද? මෙයාලා කන්නෙම බලු මස්නේ. (නි)