චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය හෙවත් ෆැසිස්ට් විරෝධි යුද්ධය ජය ගැනීමේ 70 වැනි සංවත්සරය අදට (03) යෙදේ. හමුදා පෙළපාළි සැමරුම අද බෙයිජිං වෙලාවෙන් උදේ දහයට බෙයිජිං නුවර පිහිටි ටියැන් අන් මෙන් චතුරශ්‍රයේදී පැවැත්විණි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොන්ග්‍රසය, රාජ්‍ය මණ්ඩලය, චීන හා ජාතික මහජන දේශපාලන උපදේශක සභාව  නියෝජනය කරමින් චීන ජනාධිපති ෂී චින් පිං මහතා ජපාන ආක්‍රමණ විරෝධි යුද ජයග්‍රහණයට දායක වූ දෙස් විදෙස් චින ජනතාවට ඉහළ ප්‍රණාමය පළ කළේ ය. ඒ මෙන්ම හෙතෙම  විදේශ ආක්‍රමණයට එරෙහිව චීන ජනතාවට උපකාර කළ විදේශ රටවල ආණ්ඩු හා මිතුරන් වෙත හෘදාංගම ස්තුතිය පළ කළේ ය.   උත්සවයට පැමිණ සිටි විවිධ රටවල නියෝජිතයෝද පාර්ශවකරුවෝද උණුසුම් ලෙස පිළි ගැනිණි. 

__172.100.100 9500045_1_1_0994ea33-ae12-443a-9540-5d38f738077a[1] 9500045_1_1_c551b1ef-ae22-4dd4-b2ff-32be8cecf940[1] 9500045_1_1_dedfb862-88b3-48be-8ab6-22f0ae219bfa[1] l[1]