IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීනය ජනගහණ ප්‍ර‍තිපත්තිය නවතයි

චීනයේ ජනගහණ ප්‍ර‍තිපත්තිය හේතුවෙන් මෙතෙක් උපත් ලියාපදිංචි නොකළ ලක්ෂ 130ක පිරිසකට ලියාපදිංචිය හා පුරවැසි වරප්‍ර‍සාද ලබාදෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව ජනගහණය වැඩිම රට වූ චීනයේ ජනගහණය අඩු කිරීමේ අවශ්‍යතාව අනුව එක් පවුලකට එක් දරුවකු යන ප්‍ර‍තිපත්තිය ක්‍රියාවට නැංවිණි. යුවළකට එක් දරුවකුට වඩා උපත ලැබුවහොත් එලෙස උපත ලබන දරුවන් වෙනුවෙන් රජයට දඩ මුදලක් ගෙවා දරු උපත ලියාපදිංචි කිරීම නීතිය විය. පවුලේ එක් දරුවකුට වඩා උපත ලැබූ විට ග්‍රාමීය චීන දෙමාපියන් වැඩි පිරිසක් එවැනි දරුවන් ලියාපදිංචි කිරීමට කටයුතු කළේ නැත. ඒ අනුව චීන රජය පවසන්නේ මෙලෙස උපත ලැබූ දරුවන් ලක්ෂ 130ක් එරට සිටින බවයි.

ලියාපදිංචි නොවූ එම දරුවන්ට මූළික සෞඛ්‍ය පහසුකම් ලැබී නැත. පාසලක ඉගෙනුම ලැබිමේ අයිතිය ද අහිමිය.

නමුත් චීන ජනාධිපති ෂි ජින්පින් නිවේදනය කළේ චීනයේ මතබේදයට තුඩුදුන් ජනගහණ ප්‍ර‍තිපත්තිය අවසන් කරන බවයි. දැනට ලියාපදිංචි නොවූ දරුවන් ද ඉදිරි කාලයේ දී ලියාපදිංචි කිරීමට චීන රජය සැරසෙයි.



අදහස් (0)

චීනය ජනගහණ ප්‍ර‍තිපත්තිය නවතයි

දල්පදාදු Sunday, 13 December 2015 10:08 AM

සමන්ට ළමයි නැහැ කියලා අනෙක් අයත් එක්ක ඊර්සියා. කරනවා වාගෙයි. (ස)

:       0       0

සුනිල් Sunday, 13 December 2015 10:34 AM

කාලෝචිත පියවරක්. (නි)

:       0       0

සමන් Sunday, 13 December 2015 01:36 AM

හොඳ වැඩක්. එහෙම කරලත් චීනයට ජනගහණය වැඩිවීම නවත්වන්න බැරිවුණානේ. ළමයින් එකට සීමා කිරීම අනික් ජනගහණය වැඩි රටවලත් කරන්න ඕනෑ (නි)

:       0       0

කින් බෙනට් Sunday, 13 December 2015 06:07 PM

ලෝකයේ ඕනෑම රටක ළමයින් වැඩියෙන්ම ඉන්නේ දුප්පත් පවුල් වලයි. ඉතින් ඊටපස්සේ මුළු පවුලම තව තවත් අමාරුවේ වැටෙනවා. ඕකටයි පිළියමක් දෙන්න ඕනෑ. බලන්න ලෝකයේ ඕනෑම රටක මාසෙකට රුපියල් වලින් ලක්ෂ 5කට වඩා ආදායම් ලබන පවුල් වලින් කීයෙන් කීයකටද ළමයින් 3 කට වඩා ඉන්නේ? අපේ අල්ලපු ගෙදර ඉන්න ඇන්ටනීගේ රස්සාව පොල් කැඩීම. ගෙදර ළමයි 6 දෙනයි. හැබැයි හැමදාම හැන්දෑවට බීගෙන ඇවිල්ලා ළමයින්ට කෑගහනවා. (නි)

:       0       0

ඉන්දික Monday, 14 December 2015 08:04 AM

සමන් - ඕස්ට්‍රේලියා, ඔබගේ අදහස හරිම ප්‍රායෝගිකයි. ලෝක ජනගහනය වැඩි වෙලා සම්පත් මදි වෙලා. (ම)

:       0       0

කුමුදු Sunday, 13 December 2015 06:58 PM

සමන්, අනිත් රටවල් ගැන කතා කරන්න පෙර අපේ රටේ ක්‍රමයෙන් අඩුවීගෙන යන සිංහල ජාතිය ගැන කතා කරන්න. අනෙකුත් ජාතින් තම තමන්ගේ ජාතින් වර්ධනය කරගෙන යන හැටි ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

රූපසිංහ Sunday, 13 December 2015 11:51 PM

ඕක අපේ රටටත් අවශ්‍යයි. (නි)

:       0       0

සමන් - ඕස්ට්‍රේලියා Monday, 14 December 2015 01:29 AM

මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තමන්ට කන්න අඳින්න, උගන්වන්න බැරි තරමට ළමයි හදලා ඒ ළමයි රටට බරක් කරන එක හොඳ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 515 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site