
සඳෙන් පස් සාම්පල රැගෙන ඒම සඳහා චැංජි - 5 ෂටලය අද (24) උදෑසන සාර්ථක ලෙස ගුවන්ගතකළ බව චීනය පවසයි.
මෙහෙයුම සාර්ථක වුවහොත් ෂටලය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණෙනු ඇතැයි ද ඔවුහු විශ්වාසය පලකරති.ඒ සමග මෙවන් අතිශය සංකීර්ණ මෙහෙයුමක් සාර්ථක කරගත් ලොව තෙවන රට බවට චීනය පත්වෙයි.
යානය, චීනයේ දකුණු දිග හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරිණ.චන්ද්‍රයාගේ ඕෂන්ස් ප්‍රොසෙලරම් ලෙස හැඳින්වෙන ගිනිකඳු වලින් සමන්විත කලාපයට චැන්ජි - 5 ගොඩබැස්වීමට නියමිතව ඇත.
මැන්චෙස්ර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කේට් ජෝයි මහත්මිය පවසන්නේ චැංජි - 5 ෂටලයෙන් ගෙන එන සාම්පල මගින් සඳේ ගිනි කඳු ඇතිවීම සම්බන්ධව අවබෝධයක් ලබා ගත හැකිවන බවයි.
"මෙම යානය යවන්නේ අතීතයේ ගිනිකඳු පුපුරා ගිය බවට සැලකෙන ප්‍රදේශයකටයි. ගිනි කඳු පිපිරීම් සිදුවූයේ කවදාදැයි අපට දැනගැනීමට අවශ්‍යයි.සඳේ චුම්බක ක්ෂේත්‍ර හා තාප ශක්තිය සම්බන්දව කරුණු දැනගැනීමට අවශ්‍යයි. එමගින් අපට බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවේවි," යැයි ඇය පැවසුවාය.
(බීබීසී ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන එකක් කරගන්න. ඕවා අපේ ඔලුවට වට්ටන්න නම් එපා. ගියපාරත් එකක් නවසීලන්තය පැත්තට කඩා වැටුණා. වෙලාවට මුහුදට වැටුණේ.