චීනයේ ගල් අඟුරු ආකරයක සිදුවූ අනතුරකින් අඩු ගණනේ කම්කරුවන් 19 දෙනකුවත් මිය යන්නට ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

පෙරදින රාත්‍රී 10.10 ට පමණ උතුරු චීනයේ ෂැන්ක්ෂි ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක මෙම අනතුර සිදුව ඇති බවත් එහි ඒ වන විට කම්කරුවන් 129 දෙනකු පමණ වැඩ කරමින් සිට ඇති බවත් ෂින්ෂුවා පුවත් ඒජන්සිය පවසයි.

නමුත් වැඩි පිරිසක් දිවි බේරාගෙන ඇති බව කියති.