චීනයේ චෙන් සියං මිං පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි ක්විංයුආන් ගම්මානයේ පුදුම සහගත ලෙස නිවුන් දරුවන් වැඩි වශයෙන් ඉපදීමේ ප්‍රවනතාවයක් ඇතැයි ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි.

පවුල් 367ක් ජීවත් වන මෙම ගම්මානයේ  දැනට නිවුන් දරුවන් දෙදෙනා බැගින්  39ක් සිටින බව වාර්තා වී ඇත. ප්‍රාථමික පාසලේ සෑම පන්තියකම නිවුන් දරුවන් යුගලයක් හෝ සිටින බවද පැවසේ. කිකිළියන් දමන බිත්තර වලද කහමද දෙකක් තිබීම සුලභ කරුණක් බව ගම්වැසියෝ පවසති.

ගම්මානයේ දැනට සිටින වයස්ගතම නිවුන් යුවළට අවුරුදු 89ක් වෙයි.  අවට ප්‍රදේශ වල සිටින නිවුන් දරුවන් ප්‍රාර්ථනා කරන දෙමාපියන් යිංචුවාන් ගම්මානයේ පදිංචි වීමට පැමිණෙන බවද ඩේලි මේල් පුවත්පත පවසයි.

ඉන්දියාවේ ද නිවුන් දරුවන් සුලභව ඉපදෙන ගම්මානයක් ගැන 2009 වර්ෂයේ වාර්තා වී ඇත.