
චීන රජය සහ සෞඛ්‍ය අංශ, එරට 'කොවිඩ් 19' ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කරන ආකාරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කනස්සල්ලට හේතුවක් වී ඇත.
චීන සෞඛ්‍ය අංශ අනුගමනය කරන්නේ 'කොවිඩ් 19' සියයට 100 ක් සමාජයෙන් තුරන් කිරීමේ ක්‍රමවේදයකි. එහිදී සිදුවන්නේ නගරයක හෝ පළාතක හෝ සියලු දෙනා කොටු කර, ඔවුන් සියල්ලන්ම 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් කවුරුන්දැයි හඳුනා ඔවුන් වෙන් කිරීමය.
ආසාදිතයන් සොයා ගැනීමට සියලු දෙනා 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කෙරෙන්නේ බලහත්කාරයෙනි. චීන වැසියන් කෑ මොර දෙද්දී, බලහත්කාරයෙන් ඔවුන් බිම පෙරළා ගෙන පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ. චීන කාන්තාවන් එසේ පරීක්ෂණවලට යොමු කෙරෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට දන්වා ඇත්තේ ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලෙන්