IMG-LOGO

චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90 ක් දින 05 කදී කොවිඩ් පරීක්ෂණයට

 

චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90ක පමණ ජනතාව දින 05ක් ඇතුලත කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කරන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක් ආශ්‍රිතව කොරෝනා රෝගීන් 12දෙනකු පමණ සොයාගැනීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

නව කොරෝනා වයිරස පොකුර සාපේක්ෂව සුළු ලෙස පෙනුනත් දැවැන්ත පරීක්ෂණ ක්‍රමෝපායක් අනුගමනය කිරීමට චීන බලධාරීන් පෙළඹී ඇති බව මාධ්‍ය පෙන්වා දෙයි. චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසා සිටියේ දින පහක් ඇතුලත මුළු නගරයම පරීක්ෂා කරන බවයි. මේ වනවිටත් පුද්ගලයින් 114,862ක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි කිංඩාවෝ සෞඛ්‍ය කොමිසම පවසයි.

චීනයේ “ගෝල්ඩන් වීක්” ලෙස හැඳින්වෙන නිවාඩුවෙන් සතියකට පසු මෙම රෝගීන් වාර්තා වී තිබෙන අතර ඒම සතියේදී මිලියන ගනනක ජනතාවක් රටපුරා සංචාරය කළ බව සඳහන් විය. 

චීනයේ බොහෝ දුරට වයිරසය පාලනය කර ඇති නමුත් සමහර පළාත් වලින් වරින් වර කුඩා ආසාදිත පොකුරු වාර්තා ව‌ෙයි. මේ වසර මුලදී කොවිඩ් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම හේතුවෙන් දින 10ක් ඇතුලත වුහාන් නගරයේ මිලියන 11ක ජනතාව පරීක්ෂා කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ.

රොයිටර් පුවත් ඇසුරිණි

085

 



අදහස් (0)

චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90 ක් දින 05 කදී කොවිඩ් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site