
නව කොරෝනා වයිරස පොකුර සාපේක්ෂව සුළු ලෙස පෙනුනත් දැවැන්ත පරීක්ෂණ ක්‍රමෝපායක් අනුගමනය කිරීමට චීන බලධාරීන් පෙළඹී ඇති බව මාධ්‍ය පෙන්වා දෙයි. චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසා සිටියේ දින පහක් ඇතුලත මුළු නගරයම පරීක්ෂා කරන බවයි. මේ වනවිටත් පුද්ගලයින් 114,862ක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි කිංඩාවෝ සෞඛ්‍ය කොමිසම පවසයි.
චීනයේ බොහෝ දුරට වයිරසය පාලනය කර ඇති නමුත් සමහර පළාත් වලින් වරින් වර කුඩා ආසාදිත පොකුරු වාර්තා වෙයි. මේ වසර මුලදී කොවිඩ් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම හේතුවෙන් දින 10ක් ඇතුලත වුහාන් නගරයේ මිලියන 11ක ජනතාව පරීක්ෂා කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ.
රොයිටර් පුවත් ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd