චීනයේ එක් පළාතක වීදුරු වලින් තැනූ ආකර්ෂණීය ස්ථාන සියල්ලම වසාදමා ඇතැයි වාර්තා වේ. වීදුරු පාලම්, පදික වේදිකා සහ නැරඹුම් ස්ථාන 32ක් මෙලෙස වසා දමා ඇති අතර ඒවායේ ආරක්ෂිත පරීක්ෂා තටයුතු ආරම්භ කර ඇත.

හෙබෙයි පළාතේ මෙවැනි ස්ථාන 24ක් 2018 වර්ෂයේ මාර්තු මාසයේ සිට වසාදමා තිබුණද එය මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ නැත.

චීනයේ මෙවැනි සංචාරක ආකර්ෂණය සහිත වීදුරු පාලම් 2300ක් පමණ ඇති අතර එමගින් අනතුරු සිදුවී ඇති බවද අවම වශයෙන් මරණ දෙකක් පමණ සිදුවී ඇති බවද  පැවසේ.

වීදුරු පාලම් ව්‍යාපෘතිවල සවිස්තරාත්මක ආරක්ෂක තක්සේරු කිරීම් කරන ලෙස මෙම වසර මුලදී චීන රජය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි.

(බීබිසි ඇසුරිණි - 085)