
සමාජවාදී ක්‍රමයට ගැලපෙන ආකාරයට, චීනයේ ඉස්ලාම් දහම සකස් විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
චීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ෂිංජියැං පළාතේ සංචාරයක නියැළෙමිනි. ෂිංජියැං යනු චීනයේ උයිගුර් මුස්ලිම්වරුන්ගේ නිජබිමය. චීන රජය, මෙම උයිගුර් මුස්ලිම්වරුන්ට කෙණෙහිලිකම් කරනවා යැයි ජාත්‍යන්තරයෙන් පවා චෝදනා එල්ල වී තිබේ.
චීනයේ ඉස්ලාම් දහම චීනයට ගැලපෙන ආකාරයට සකස් විය යුතු බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එය අනුගත විය යුතු බවත් ජනාධිපතිවරයා ෂිංජියැං බලධාරීන් හමුවී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයට වෙච්චි දේමයි මෙයාටත් වෙන්න යන්නේ...!