චීනයේ ෂෙන්ජියැං ප්‍රාන්තයේ සිදු වූ ට්‍රක් රථ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 172 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ චීනයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ නගර දෙකක් අතර ඉන්ධන ප්‍රවාහනය කළ ට්‍රක් රථයකි.
ෂෙන්ජියැං ප්‍රාන්තයේ අධිවේගී පිවිසුමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් නිවාස හා කර්මාන්තශාලා රැසකට අලාභහානි සිිදු වී ඇත.
පිපිරීමෙන් අනතුරුව ඉහළට විශාල දුමාරයක් නිකුත් වී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වෙන බව එරට මාධ්‍ය පවසයි.
චීනයේ මෙවැනි අනතුරු බහුල වීමෙන් මෑත වසර කිහිපයක සිට ගෑස් සහ රසායනික කර්මාන්තවල ආරක්ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමට චීනය කටයුතු කරමින් සිටී.
ගතවූ දශක දෙක තුළ අධිවේගී මාර්ග පද්ධතිය වඩාත් පුළුල් කිරිමට චීනය කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ධාවනය ඉහළ ගොස් ඇත.
සෑම වසරකම රිය අනතුරු චීනයේ පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
රොයිටර් ඇසුරෙනි
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd