IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීනයේ ඉන්ධන ට්‍රක් රථයක පිපිරීමකින් 19 දෙනෙක් මිය යති

චීනයේ ෂෙන්ජියැං ප්‍රාන්තයේ සිදු වූ ට්‍රක් රථ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 172 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 මෙසේ අනතුරට පත්ව ඇත්තේ චීනයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ නගර දෙකක් අතර ඉන්ධන ප්‍රවාහනය කළ ට්‍රක් රථයකි.

ෂෙන්ජියැං ප්‍රාන්තයේ අධිවේගී පිවිසුමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් නිවාස හා කර්මාන්තශාලා රැසකට අලාභහානි සිිදු වී ඇත.

පිපිරීමෙන් අනතුරුව ඉහළට විශාල දුමාරයක් නිකුත් වී තිබේ.

අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වෙන බව එරට මාධ්‍ය පවසයි.


චීනයේ මෙවැනි අනතුරු බහුල වීමෙන් මෑත වසර කිහිපයක සිට ගෑස් සහ රසායනික කර්මාන්තවල ආරක්ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමට චීනය කටයුතු කරමින් සිටී.

ගතවූ දශක දෙක තුළ අධිවේගී මාර්ග පද්ධතිය වඩාත් පුළුල් කිරිමට චීනය කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ධාවනය ඉහළ ගොස් ඇත.

සෑම වසරකම රිය අනතුරු චීනයේ පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.



රොයිටර් ඇසුරෙනි

226



අදහස් (0)

චීනයේ ඉන්ධන ට්‍රක් රථයක පිපිරීමකින් 19 දෙනෙක් මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site