චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තැබූහ.

චීනය විසින්  ඇමෙරිකානු ගොවිපළ නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු සේවා මිලදී ගැනීම ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බව අමෙරිකාව පැවසීය.

මෙම වසරේදී සහ ලබන වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 200 කින් එය ඉහළ නැංවේ.

බුද්ධිමය දේපළ පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ අවධානය යොමු කරනු ඇත.

මීට පෙර චීනය සමඟ එළඹියේ නැති වැදගත් පියවරකට අමෙරිකාව එළඹුණු බව ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.

ගිවිසුම ඇමෙරිකානු සේවකයින්ට සහ ගොවීන්ට ආර්ථීක වශයෙන් යුක්තිය ඉටුවන මගක් බව ඔහු සඳහන් කළේය.

දෙරට අතර පවතින විශමතා පුළුල් දැක්මක් ඔස්සේ විසඳා ගත යුතු යැයි චීන උපඅගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 (එන්.එච්.කේ. ඇසුරෙනි)
 
-226-