IMG-LOGO

චීනයේ අධිවේගී මාර්ග වල අනතුරු ඉහළට

මධ්‍යම චීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

මිලියන ගණනක් ජනතාව අලූත් අවුරුදු නිවාඩුව සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරු සිදුවී ඇත.

අන්හුයි පළාතේ මෝටර් රථ 23ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙක් මිය ගොස් ඇත.

ගුවැන්සු පළාතේ අධිවේගී මාර්ගයක මෝටර් රථ 100ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් 50ක් තුවාල ලබා ඇති අතර 10 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

පොලීසිය මෙම අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර වැසි ඇඳහැලීම සමඟ මාර්ගය ලිස්සන සුළු වීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි එරට පොලිසිය පවසයි. 

නඩත්තු නොකරන ලද වාහන භාවිතය සහ අනතුරුදායක වාහන තදබදය ද මාරාන්තික මාර්ග අනතුරු ඇති වීමට හේතුව බව බලධාරීහු පවසති.

(63226)



අදහස් (0)

චීනයේ අධිවේගී මාර්ග වල අනතුරු ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1551 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site