ඇමරිකා ඩොලර් කෝටි 6600 (රුපියල් කෝටි 882219.66 ) ක වාර්ෂික ආදායමක් ඇති ගූගල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධරයා ලෙස තමිල්නාඩුවේ උපන් සුන්දාර් පිච්චෙයි (43) පත්කරනු ලැබ සිටී.

තොරතුරු තාක්ෂණවේදයේ බහුජාතික සමාගමක් වන ගූගල් සමාගමේ ක්‍රෝම් බ්‍රවුසරය, ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට මුල්වූ පිච්චෙයි නිහතමානී එහෙත් තාක්ෂණයේ අති දක්ෂ පුද්ගලයකු බව ඇමරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පත්‍රය කියයි.