සමස්ත ඉන්දියා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් ලෙස ශෂිකලා නටරාජන් පත් කළ බව තමිල්නාඩු ආරංචි කියයි.ඇගේ දේශපාලන නායිකාව හා ගුරුවරිය වු ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු ඇය එම තනතුරට පත්වූවාය.
තමිල්නාඩු දේශපාලනයේ අලුත් ‘අම්මා‘ වශයෙන් ශෂිකලා දැනටමත් තෝරාගෙන ඇතැයි මෙම පත්වීමෙන් පෙනෙන බව තමිල්නාඩු දේශපාලන ආරංචි කියයි.
ජයලලිතා ජීවත්ව සිටි කාලයේ තමිල්නාඩුවේ අම්මා වශයෙන් ජයලලිතා සැලකුම් ලැබුවාය.ඒ කාලයේ ශෂිකලා ‘චින්නම්මා‘ හෙවත් පුංචි අම්මා විය.
ඇය ජයලලිතාගේ දකුණු අත මෙන් සිටියාය.
(ශෂිකලා නටරාජන් හා ජයලලිතා ජයරාම් )(ඡායාරූප-ඉන්දියා ටීවී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ පුංචි අම්මා හිලරි කියලනේ......? (නි)
ඒකත් එහෙනම් එහෙම වුණා?? (නි)