IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘චන්ද්‍රයානය - 3’ මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය

ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන, චන්ද්‍රයානය - 3 ස‍ඳහා එරට රජයේ අනුමැතිය ලැබී ඇත.

ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවාන් මහතා මාධ්‍ය හමුවකට අද(01) එක්වෙමින් මේ බව නිවේදනය කළේය.

2021 වසරේදී මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවේ. 

නව මෙහෙයුම චන්ද්‍රයානය - 2 මෙහෙයුමට සමානව සැලසුම් කර ඇති අතර ඊට ලෑන්ඩර් යානයක් මෙන්ම රෝවර් යානයක් ද ඇතුළත් වේ.

චන්ද්‍රයානය -2 මෙහෙයුමේදී චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමට අපේක්ෂා කළ ස්ථානයටම චන්ද්‍රයානය - 3 ද ගොඩබෑමට සැලසුම් කර තිබේ.

ලෑන්ඩර් යානය සහ රෝවර් යානය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 250 ක් පමණ වෙයි. සමස්ත මෙහෙයුමට තවත් ඉන්දීය රුපියල් කෝටි 365 ක් පමණ වැය වනු ඇත.

(රොයිටර්/ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

226



අදහස් (1)

‘චන්ද්‍රයානය - 3’ මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය

Bamunuarachchi Wednesday, 01 January 2020 03:14 PM

නයි පෙනේ කරන කොට ගැරඬි කැබලිති කටු උස්සනවාලු කියලා සිංහල කියමනක් තිබෙනවා. ඒ වගේ ඇමරිකාව, රුසියාව චන්ද්‍රිකා යවනකොට ඉන්දියාව එයාගේ හැකියාව අපිට පෙනෙනවා. මොනරා පිල් විදහා ගත්තාම එයාගේ පස්ස පැත්ත පෙනෙනවා වගේ ඉන්දියාව චන්ද්‍රයානා පෙන්වන විට අපිට ඒ රටේ වැසිකිළි නැත.. මිනිස්සු දකිනවා. හැබැයි පුලුවන් නම් ලංකාවට එන කල්ලතෝනි ටික හඳට පටවන්න... අන්න එදාට අපි ඉන්දියාව අනුමත කරනවා.

:       39       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site