චන්ද්‍රයාගේ ජලය සෙවීම සඳහා 2022 වසරේදී සඳ මතට රොබෝවක් යැවීමට අමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් කර ඇත.

ඒ අනුව චන්ද්‍ර පෘෂ්ඨයට ඇතුළතින් පවතින ජලය ගවේෂණය කිරීමට 2022 වසරේ දෙසැම්බර් මාසයේදී චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයට මෙම රොබෝ යන්ත්‍රය යැවීමට සැලසුම් කෙරේ.

ගෝල්ෆ් රථයක විශාලත්වයට සමාන අයුරින් මෙම රොබෝව නිර්මාණය කරන බව නාසා ආයතනය පවසයි.

වයිපර් ලෙස නම් කර ඇති මෙම රෝවරය දින 100 ක කාලයක් චන්ද්‍රයා මත සිට රැස්කරන දත්ත භාවිත කර ප්‍රථම වරට චන්ද්‍රයාගේ ජල මූලාශ සිතියමක් සකස් කරනු ලබයි.
 

2024 වසරේදී නැවත මිනිසුන් සඳ මතට යැවූ විට ඔවුන්ගේ පානය සඳහා එම ජලය භාවිත කිරීම සහ ඒ ඔස්සේ යානාවල ඉන්ධන සපයා ගැනීම නාසා ආයතනයේ අපේක්ෂාව වෙයි.
 
-226-
 
 
(රොයිටර්ස් ඇසුරෙනි)