IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ?

අළුත්ම සාක්ෂියක් මගින් පෙන්වා දෙන්නේ අපේ චන්ද්‍රයා නිර්මානය වූයේ පෘථිවිය ග්‍රහකයක් ගැටීමෙන් බවයි. එය අදින් වසර බිලියන 4.5 කට පෙර සිදුව ඇත.

අභ්‍යවකාශගාමින් වසර පනහකට ආසන්න කාලයක් ඇපලෝ 11, 12, සහ16 සඳ ගමන් වලදී  හඳෙන් එකතු කරණ ලද  පාෂාණ වර්ග ජර්මානු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරනු ලැබීය.

මොවුන් පවසන්නේ තීආ නැමැති  විශාල වස්තුවක් පෘථිවියේ ගැටීම මගින් හඳ ඇතිවූ බවයි. ඔවුන්ගේ මතය වන්නේ මේ ග්‍රහකය අඟහරු තරම් විය හැකි බවයි. මෙම මතය යෝධ ගැටුමක  උපකල්පිතයක් බව හදුන්වා ඇත.

මෙම කල්පිතය මගින් ඉදිරිපත් කර ඇත්තේ පෘථිවිය සමග කෙලින්ම නොගැටුනු වෙනත් තාරකා විද්‍යාත්මක වස්තුවක ඉතිරිවූ සුන්බුන් මගින්  ආසන්න වශයෙන් වසර 4.5 කට පෙර චන්ද්‍රයා සැකසුනු බවයි.

මෙම ගැටුනු වස්තුව තීආ ලෙස හඳුන්වා ඇත. විද්‍යාඥයින් විසින් විවිධ වර්ගයේ අම්ලකර පරමාණු විශ්ලේෂණය කල අතර එවිට සොයාගෙන  ඇත්තේ හඳේ පාෂාණ පෘථිවියේ පාෂාණ වලට වඩා වෙනස් සංයෝගවලින් සැදුම් ලත් බවයි. මේ ගැටිම සම්බන්ධ කල්පිතයට හේතුව වී ඇත්තේ එම සංයෝග දක්වන වෙනස් ස්වභාවයයි. විද්‍යාඥයන් පවසන්නේ චන්ද්‍රයාගේ එම වස්තුවේ හා පෘථිවියේ සංයෝග සියයට 50ට 50 මිශ්‍රව ඇති බවයි.

බොහෝ මිනිසුන් විශ්වාස කරන්නේ යෝධ ඝට්ටන කල්පිතය බව යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධානි ජර්මනියේ ගොටින්ජන් හි ජෝර්ජ් ඕගස්ට් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාඥ ඩැනියෙල් හර්වට්ස් පවසයි. මෙම අදහස විස්තර කිරිමට අවසන් බාධාව නිරාකරණය කළ බව ඩැනියෙල් පවසයි. මෙම අධ්‍යනය විද්‍යා ජර්නලයේ ප්‍රසිද්ධ කර තිබේ.

 



අදහස් (0)

චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ?

නිසාර් Wednesday, 11 June 2014 06:06 PM

සමහරු කොහොම කිවුවත් ඇත්ත පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

ජයන්ත Friday, 13 June 2014 10:51 AM

ඉරයි හඳයි බිහි කළෙත් අපේ මැති ඇමතිවරුම තමයි, අපිට නම්..... කවුරුවත් බොරුවට රණ්ඩු කරගන්න එපා. (නි)

:       0       0

මිහිර Thursday, 12 June 2014 07:57 AM

ජනවහරින් බිහිවූ මෙම අලංකාර කතාන්දර පසු කලක ලේඛන ගතවෙන්නේ සාහිත්‍යමය රසයත් සමඟින් පැරණි ග්‍රීක කතා ලෙසය. සියවස් ගණනාවක් කල් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ මෙම මත වලට එරෙහිව යන්න බොහෝ දෙනෙක් අදටත් බියවෙති. විද්‍යාත්මක මත ඉදිරිපත් වෙන්නේ සෑමවිටම උපකල්පන වශයෙන් වුවත් එය තහවුරු කිරීමට කරුණු, සාක්ෂි සොයාගත යුතුය (නි)

:       0       0

ඩොනල්ඩ් Friday, 13 June 2014 10:32 PM

මම නම් හරිම ආසයි මේ වගේ දේවල් ගැන හොයන්න (නි)

:       0       0

ජගත් Friday, 13 June 2014 10:32 PM

ඉන්දික, කරුණාකරලා මම කියන එක තේරුම් ගන්න. විද්‍යාව කියන්නේ කල්පිතයක්. ඒක ඔප්පුකරන්න ඕනෑ. එතකොට තමයි ඒක සිද්ධාන්තයක් වෙන්නේ (නි)

:       0       0

නලීන් Wednesday, 11 June 2014 12:02 PM

එහෙනම් හොල්මන් බූතයො ගැනත් විස්වාස කරන්න බෑරි ඇයි...ඔප්පු කරන්නම අවශ්‍ය නැහැ. මේ කියන මහා ගෑටුම් දැක්ක කෙනෙක් නැහැ. අඩුම වශයෙන් හොල්මන් වලට බයවෙච්චි කෙනෙක් හරි ඉන්නවා...ප්‍රායෝගික වෙන්නෙ අපිට සමීපම දේ නේද...(ස)

:       0       0

ජයත් Wednesday, 11 June 2014 12:09 PM

එහෙම කියන එක හරි නැහැ නිල මහත්තය විද්‍යාව කියන්නේ කල්පිත ඒවා හරි හෝ වැරදි වෙන්න පුළුවන්. පස්සේ ඔප්පු කරවී හරිද වැරදිද කියල. (ස)

:       0       0

හරීන් Wednesday, 11 June 2014 07:12 PM

කවදාහරි ඇත්ත දැනගන්න පුලුවන් වෙයි. මොකද ඉතින් එක එක දවසට එක එක මතනේ කියන්නේ.... (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 11 June 2014 01:09 PM

ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කනෙන් ඇසුවත් ඇසෙන් දුටුවත් අතින් අල්ලන තුරු විස්වාස කරන්න එපා කියල. ඒක නිසා මේවා කාට විශ්වාස කරන පුලුවන්ද? එයාල ඕනෑම දෙයක් කියනවා ඕව හරිද වැරදිද කියන කොට අපිත් මැරිලා එයාලත් මැරිලා. නීල්ගේ කතාව හරි. තාම මැලේසියාවෙන් ගිය ප්ලේන් එකට උනේ මොකද්ද කියන්න මෙයාල දන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රශීන් Saturday, 14 June 2014 02:27 PM

දෙවියෝ ලෝකය මැව්වා නම්, ක්‍රිස්තු ධර්මයට අනුව නැවත ඉපදීමකුත් නැත්නම් පුනුරුත්පත්තිය කියන ළමයි කියන්නේ බොරුද? (නදී)

:       0       0

නසාර් ඩීන් Wednesday, 11 June 2014 07:39 PM

ලෝකය දෙවියන්ගේ නිර්මාණයක් කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 12 June 2014 04:50 PM

වසර 4.5 කට කලිනුත් හඳ මේ විදියටම තිබුණානේ. මට හොඳට මතකයි (නි)

:       0       0

අසංක Wednesday, 11 June 2014 01:36 PM

මහා ගැටුම්, කළු කුහර වගේ කතා වල ඇත්ත යම් දිනයක හෙළිවේවි (නි)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Sunday, 15 June 2014 09:17 AM

අපි නොදන්න ඇමරිකාව.... (දී)

:       0       0

ෆාරුක් අහමෙඩ් Wednesday, 11 June 2014 02:33 PM

"සනත් ඉන්දික" මට තේරුම් ගන්න අහන්නේ , "අතින් අල්ලන තුරු විශ්වාස කරන්න එපා " නම් , ක්‍රිස්තුස් වහන්සේ ඔප්පු කරන්නේ කොහොමද ? (ස)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:15 AM

"මහත්තයා විශ්වාස කරනවානම් විස්වාස කරන්න නැත්නම් ගෙදර යන්න", මම ඔබේ ගෙදර ඉන්නේ ඔබේ කැමැත්ත නිසාම නොවෙයිනේ (දී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:16 AM

"බුදුන් මෙය වෙනත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා." අම්මප ඇත්ත නේන්නම් විජේබා දන්නා දේවල් (දී)

:       0       0

සරසි Friday, 13 June 2014 02:47 AM

ඉතා වැදගත් ලිපියකි (නි)

:       0       0

මැණික් Friday, 13 June 2014 03:06 AM

බොහොම රසවත් විස්තර අඩංගු ප්‍රවෘත්තියක් (නි)

:       0       0

මංගල Wednesday, 11 June 2014 03:01 PM

බුදුහාමුදුරුවො නම් දේශනාකරල තියෙන්නෙ කනින් ඇසුවත්, ඇසින් දුටුවත්, අතටම අසුවුණත්, විමසා බලා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවත් විශ්වාස කිරීම හෝ නොකිරීම තමන් සතු බවයි. (ස)

:       0       0

පිටිගල Wednesday, 11 June 2014 09:16 PM

මහත්තයා විශ්වාස කරනවානම් විස්වාස කරන්න නැත්නම් ගෙදර යන්න, (දී)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 June 2014 06:44 AM

ඔබේ මොළය ගැනත් කියන්න තිබෙන්නේ එපමණයි. අල්ලනතුරු විශ්වාස කරන්න එපා තිබේයැයි කියලා. අල්ලන්න බැරි දේවල් කොපමණ තිබෙනවද? එහෙත් අපි හොඳට විශ්වාස කරනවා. (නි)

:       0       0

ජයලත් Wednesday, 11 June 2014 03:53 PM

සනත්, ආගම එකක්. විද්‍යාව එකක්. පටලවාගන්න එපා. ඔයා ගෙදර විදුලිය විශ්වාස කරනවද? පුලුවන් නම් අතින් අල්ලා බලා ප්‍රතිඵලය අපිටත් කියනවද? (නි)

:       0       0

නිශාන්ත Sunday, 15 June 2014 11:57 AM

සුජිත් නිව්යෝර්ක් ඔය රටට අකමැතිනම් සුන්දර ලංකාවට එන්නකෝ, (ස)

:       0       0

නිශාන්ත Saturday, 14 June 2014 07:53 PM

ඇමරිකාවට බැන්නට ඇමරිකාවේ අයවැයෙන් ඩොලර් බිලිඅන ගණනක් අභාවකාශ කටයුතු වලට වෙන් කරනවා.මම හිතනේ මුළු ලෝකෙම ඔව්න්ට ණය ගැති විය යුතුයි .ලෝකෙට අනතුරක් වෙන්න ගියත් බේරගන්න ඉන්නේ ඇමරිකාව විතරයි (දී)

:       0       0

රජිව් Friday, 13 June 2014 08:24 AM

විද්‍යාව බොරු කියන්නේ කොහොමද? ලෝකය දියුණු වෙන්නේ විද්‍යාව නිසයි. (නි)

:       0       0

විජේබා Thursday, 12 June 2014 08:05 PM

ද්‍රව්‍ය වලින් තොර රික්තකයක්, දෙවියෙක්, සිතක්, මවාගත් ඕනෑම සංකල්පයක් මේ විශ්ව තලයේම නැහැ. ද්‍රව්‍ය හැමදාම තිබුණා, තියෙනවා, අනාගතයේත් තියෙනවා. ද්‍රව්‍ය සදාකාලිකයි. වෙන්නේ එහි හැඩය- ස්භාවය වෙනස් වීම පමණි. ඉර -සඳ - තාරකා නැති වී ආපසු වෙනත් හැඩයකින් කරලියට එනවා. එනිසා අනිත්‍ය කියන එකත් සදාකාලිකයි. නමුත් "ඇත්තෙත් නැති නැත්තෙත් නැති" විශේස තත්වයක් ලෝකයේ තිබෙනවා. මෙය අවබෝධ කර ගැනීම ඉතාම අපහසු වන අතර එය අවබෝධ කර ගැනීම සඳහා තණ්හාව මුළුමනින්ම නැති කල යුතු වනවා. (දී)

:       0       0

කොචාහිල් Thursday, 12 June 2014 03:04 AM

දැන් අපි ගොඩක් දේවල් හොයාගෙන තිබෙනවා වගේම හොයාගෙන යනවා. සියල්ලම ස්වභාව ධර්මයට අනුව සකස්වුණ දේවල් බව දැන් මිනිසුන්ට අමුතුවෙන් කියාදෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

විජේබා Thursday, 12 June 2014 08:13 PM

ලෝකයේ අන්තිම කුඩාම දේ සහ අන්තිම විසාල දේ කවදාවත් හොයල ඉවර කරන්න බැහැ. මෙය අලුත් හොයා ගැනීමක් නෙවි. බුදුන් මෙය වෙනත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා. (දී)

:       0       0

සිල්වා Thursday, 12 June 2014 03:49 AM

දෙවියන් ලෝකය මැවුවා කියන කට්ටියම ජයලත් කියන දේ කරලා අපිට කියන්නකෝ. ඊට පස්සේ අපි විශ්වාස කරන්නම් (නි)

:       0       0

නීල් Wednesday, 11 June 2014 09:17 AM

ඔය වගේ දේවල් නම් කාට කියන්න බැරිද, මොකද ඒක එහෙම නෙමේ කියල ඔප්පු කරන්නත් කාටවත් බැහැනේ. ඒත් මෙයාලට මැලේසියාවේ ඉදල චීනෙට ගිය ප්ලේන් එකට වෙව්ච දේ තාම කියාගන්න බෑ. (ස)

:       0       0

දෙවුමිනි Saturday, 14 June 2014 10:49 AM

මට නම් වැඩක් නැහැ ඕක කොහොම ඇති උනත් ලංකාවට කුඩු ගන්වන එක නවත්වා ගන්න ක්‍රමයක් ගැන හොයා ගන්න බැරිද (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 14 June 2014 10:51 AM

ඔය අනවශ්‍ය දවල් ගැන හොයන්න එපා කියලා බුදු දහමේත් තියෙනවා (දී)

:       0       0

එරංග Wednesday, 11 June 2014 05:36 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ලක්ෂපාන Wednesday, 11 June 2014 05:37 PM

මංගල ,මිනිසුන් ආගමෙන් බොහෝ දුරස්වයි ජීවත් වෙන්නේ. ඒ නිසයි මිනිසුන් මෙච්චර තිරිසන් වෙලා තියෙන්නේ. අන්තගාමී නොවී මිහිපිට ඇති සියළුම දේ ගැන සත්‍ය අවබෝධ කරගන්න උත්සහ කළොත් සැමවිටම අපිට සැනසීමක් තිබේවි (නි)

:       0       0

ඉන්දික Wednesday, 11 June 2014 05:41 PM

ජයත්, හරි වෙන්නත් පුළුවන් , වැරදි වෙන්නත් පුළුවන් නම් එතන විද්‍යාවක් නැහැ නේද? මොකද ඒ විදියට මටත් ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 314 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site