IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘චන්ද්‍රිකාවේ සුන්බුන් උඩුගුවනේදීම විනාශ වේවී’

ඉන්දියාව ඉකුත් දා උඩු ගුවනට මිසයිලයක් යවමින් චන්ද්‍රිකාවක් විනාශ කළ අතර එම මෙහෙයුමෙන් ඉතිරි වූ අභ්‍යාවකාශ සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යනු ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක විද්‍යාඥයා පවසයි. 

එම සිදුවීමත් සමඟ ඉන්දියාව චන්ද්‍රිකාවක් විනාශ කළ සිවුවන රට බවට පත්විය. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සමූහාණ්ඩුව සහ චීනය මිසයිල යොදා ගනිමින් චන්ද්‍රිකා විනාශ කර තිබිණි. 
 
ඉන්දියාව අභ්‍යාවකාශ සුපිරි බලවතකු යැයි එම මෙහෙයුමෙන් අනතුරුව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය. 
 
මෙහෙයුමෙන් ඉතිරි වූ සුන්බුන්වලින් හානි සිදු වනු ඇතැයි බිය පළවීමත් සමඟ ඉන්දීය විද්‍යාඥයෝ එම සුන්බුන් විනාශ වී යනු ඇතැයි පැවසූහ. 
 
කිලෝමීටර 300ක් ඉහළින් කක්ෂයේ පැවැති චන්ද්‍රිකාවක් විනාශ කිරීමට ඉන්දියාවේම නිෂ්පාදනය කරන ලද බැලැස්ටික් මිසයිලයක් යොදාගත් බව ඉන්දියාව එම මෙහෙයුමෙන් පසු නිවේදනය කළේය. 
 
එලෙස චන්ද්‍රිකා විනාශ කිරීමේ තාක්ෂණය ඇත්තේ ඉහත කී රටවල් තුනට පමණක් යැයි ඇතැම් පාර්ශව ප්‍රකාශ කරන අතර ඉන්දියාවේ මෙම මෙහෙයුමත් සමඟ අභ්‍යාවකාශය තුළ ආයුද සටනක් ඇති වී ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ. මෙලෙස විනාශ කිරීමෙන් ඉතිරි වන සුන්බුන් වසර ගණනාවක් අභ්‍යාවකාශය තුළ රඳා පවතිනු ඇතැයි ද එමඟින් අනතුරු ඇති වීමේ අවදානමක් ඇතැයි ද එම පිරිස් පැවැසූහ. 
 
අභ්‍යාවකාශයේ ඉතිරි වන සුන්බුන් ප්‍රමාණය අඩු කිරීම සඳහා පහළ කක්ෂයේ පැවැති හමුදා චන්ද්‍රිකාවක් යොදාගත් බව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ප්‍රධානී ජී. සතීෂ් රෙඞ්ඩි පැවැසීය.
 
“මේ සුන්බුන් වැඩි කල් නොයාම විනාශ වෙනවා. අප අඩු උසකින් කළේ ඒ නිසා” යැයි රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කීවේය.
 
“සුන්බුන් දැන් එහා මෙහා යමින් තිබෙනවා. සුන්බුන් ප්‍රමාණය කොතරම් ද අප දැන් ගණනය කරමින් ඉන්නවා. අපේ ගණනය කිරීම්වලට අනුව සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යාවී” යැයි ඔහු කීය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
  055



අදහස් (12)

‘චන්ද්‍රිකාවේ සුන්බුන් උඩුගුවනේදීම විනාශ වේවී’

hira Friday, 29 March 2019 08:34 AM

ජනගහනයෙන් හරි අඩකට රෙන්න නැහැ, ඉන්න ගෙවල් නැහැ ,ගස් යට බුදියන්නේ. පාලකයෝ පම්පෝරි ගහනවා. මේවා නිකන් පොෂ් ගතිය පෙන්වන්න දාන ගොන් පාර්ට්. ලෝකෙටම ණයවෙලා මගුල් කනවා වගේ.

:       27       374

RansithSaturday, 30 March 2019 01:22 AM

උන්ගේ කොටසකට යන්න නැති වුනත් අනිත් කොටසට න්‍යෂ්ඨික මිසයිල තියෙනවා, කිලෝමීටර් 5000කට වඩා යවන්න පුළුවන් රොකට් තියෙනවා. ඕනෑම විදියක කර්මාන්ත තියෙනවා. ඉන්දියාවටම කන්න දෙන්න පුළුවන් තරම් බෝග වගා කරනවා. උන් මොනවද නොකරන්නේ, අපි මොනවද කරන්නේ? මෙහෙම ගියොත් අපිට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ.

:       0       56

GamayaSaturday, 30 March 2019 07:10 AM

අපිට දැන් ලයි‍ටුත් නෑ, මහ බැංකුවත් නෑ. විල්පත්තුවත් නෑ, සිංහලයත් නෑ.

:       33       29

Sanath KandySunday, 31 March 2019 06:44 AM

රටේ විශාලත්වය හා ජනගහනය අනුව සුවිශාල වෙනස්කමක් ඇති ඉන්දියාව හා ලංකාව සංසන්දනය කිරීම විහිළුවක්. ඒක හරියට චීනයයි, සිංගප්පූරුවයි සංසන්දනය කරනවා වගේ. සන්සන්දයනය කරනවා නම් චීනය හා ඉන්දියාව සසඳා බලන්න. මීට අවුරුදු 50කට 60කට කලින් සම මට්ටමේ සිටි චීනය අද ඉන්දියාව අභිබවා ගව් ගණනක් ඉදිරියෙන් ගොස් සිටියි. ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්. ඉතාම වැදගත් දේ චීනය තුල සමාජ ආර්ථික විෂමතාවය ඉන්දියාවට වඩා ඉතා පහළ මට්ටමක තිබීමයි. රටේ ජනගහනයෙන් අඩකට වඩා දුප්පත් කමින් මිරිකී සිටියදී ලෝකයේ ඉහළම ධනවතුන් ඉන්දියානුවන් යයි උදම් ඇනීමෙන් ඇති ඵලය කුමක්ද? කෙසේ වුවද අපේ රට ඉදිරියට ගැනීමට නම් නිෂ්පාදන ආර්ථිකයකට පදනම් දැමිය යුතු බව සත්‍යයකි.

:       0       52

Kamal Saturday, 30 March 2019 07:06 AM

දැන් යුද්දෙකදි තාක්ෂණය ඉහළින්ම පාවිච්චි වෙනවා. කෙටිදුර මිසයිල, ගුවනේ සිට ගුවනට සහ ගොඩබිමට එවන මිසයිල ඉතා නිවැරදි ඉලක්ක ගන්නේ ජීපීඑස් වලින්. අපිට ෆෝන් එකට ලැබෙන ජීපීඑස් වල නිවරද්‍යතාව මීටර් 5කින් වෙනස් වෙන්න පුළුවන්. ඒත් යුධ උපකරණවලට ඒ නිවරද්‍යතාවය මිලිමීටර් 1ක්. ඒ වගේම සජීවී චන්ද්‍රිකා සිතියම් වලින් ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රිකා දුරකතනත් භාවිතා වෙනවා. ඉතින් සතුරාගේ චන්ද්‍රිකා බිම දානවා කියන්නේ යුද්දෙකදි ඉතාම වැදගත් උපක්‍රමයක්. අපේ රටේ කඩුවක්වත් හදනවද?

:       0       53

Siri- Oman Friday, 29 March 2019 11:34 AM

හිරා ගේ අදහස මසුරන් වටිනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ .

:       19       127

ධනුෂ්කFriday, 29 March 2019 01:10 PM

හරි අඩක් නෙමෙයි 70% කට විතර නෑ. මිනිස්සු අනික් අය ළඟ වැඩ කරන්නේ මුදලට නෙමේ කෑම වේල් දෙකකට. ගොයම් කපන කාලෙට ලංකාවට එනවා කුලියට ගොයම් කපන්න. ලංකාවේ යාචකයෝ ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ට වඩා හොඳට ජීවත් වෙනවා. එ් සමාජය හරිම ඛේදජනකයි. නායකයෝ රොකට් යැව්වට සමාජ මිථ්‍යා මතවල පතුලටම ගිල්වලා. දැන් අවුරුදු 15ක විතර ඉඳන් ලංකාවේ සමාජය තුළත් යම් තරමකට එම තත්වය වර්ධනය වෙමින් පවතිනවා.

:       1       311

chandimaFriday, 29 March 2019 04:58 PM

ලෝකේ මොන ධනවත් රටෙත් අන්ත හිඟන්නෝ සිටිනවා. ඉන්දියාවේ ඒ ඉන්නවා කියන සියයට විස්සක් නැතිනම් 30ක් වුණු ධනවතුන්ගේ ධනවත් භාවය ඇමෙරිකාවේ ඉහල මධ්‍යම පාන්තිකයින්ගේ සංඛ්‍යාවට වඩා වැඩියි. කොටින්ම දුප්පත් මිනිස්සු ටික පැත්තකට කරලා ධනවතුන් එක පළාතකට කොටු කළොත් ඒ කොටස ඇමෙරිකාවට සමානව නැතිනම් එයිටත් වඩා ඉහළින් සිටින්නේ... එ්කයි අමෙරිකාවත් ලංකාව හරහා ඉන්දියානු වෙළඳපොළට රිංගන්නට හදන්නේ.... ඇමෙරිකාවේ මිනිසුන් මිලදීගන්න භාණ්ඩ ප්‍රමාණයම එම මිලම ගෙවලා එම සියයට තිහක් වූ පිරිසත් මිලදී ගන්නවා. මේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළයනවා. ඒ නිසා අවතක්සේරුවකට නැඹුරු නොවී ඔවුන්ගේ භාෂාව හදාරා ඔවුන්ගේ වෙළඳපොලට ඇතුළු වීම අත්‍යවශ්‍යයි. නමුත් සිහියේ තබාගත යුත්තේ තමන්ට අවශ්‍ය දේ තම රටේ නිපදවාගැනීමට ඇමෙරිකාවට ඔවුන්ගේ මුදලේ අගය නිසා නොහැකි වුණත් ඉන්දියාවේ ඉතිරි සියයට හැත්තෑව යොදවා ඔවුන්ට සියල්ල ඔවුන්ගේ රටේම නිපදවා ගැනීමට හැකිවීමයි. කල්පනාවෙන් වැඩ කලොත් අපට ඔවුන් පසුකර යාම කෙසේ වෙතත් හඹා යාමට අපහසු වන්නේ නැහැ.

:       104       364

VajiraSunday, 31 March 2019 06:51 AM

මේ මිසයිලේ මැතිවරණ සංදර්ශනයක්. ලබන මාසේ ඉන්දියාවේ මහා මැතිවරණය. මෝඩි මහත්තයට ටිකක් අවාසියි තත්වයක් තමයි තියෙනවා කියන්නේ... මේක එයාගේ ජනප්‍රියත්වය ඉහළ දාගන්න කරපු පොඩි මෝඩ චූන් එකක්...

:       0       53

Nuwan Saturday, 30 March 2019 07:45 AM

ලංකාවේ පුදුම කට්ටියක් ඉන්නවා ලෝකේ දකින්නේ ඇස් දෙකෙන් නොවේ පස්ස පැත්තෙන්ද කොහෙද.... අශෝක් ලේලන්ඩ්, බජාජ්, මරුටි ඇතුළු අල්පෙනිත්තේ සිට දුම්රිය දක්වා, පරිප්පු, සීනි වල සිට 75%ක් අහාරබෝග, බේත්, හේත් ඇඳුම් පැළඳුම් සියල්ල ඉන්දියානු නිෂ්පාදන භාවිතා කරමින්, ඒ රටට බැන බැන ඉන්නවා.. මිනිසුන්ට වැසිකිලි නැහැ කියලා, හලෝ එක පළාතක එහෙම වුණාට ඔබ ඉන්දියාවේ දැවැන්ත කර්මාන්ත සහ තාක්ෂනය දැක තිබේද? තමන්ගේ රටේ අඩුගානේ තමන්ගේම කියලා චේන් එක පනින්නේ නැති බයිසිකලයක්වත් හදනවා නම් කමක් නැහැ. කයිය නම් ලෝකෙට ගහන්න. අඩු ගානේ විසිට් වීසා එකක් අරන් ලෝකේ රටවල් 2 , 3කට යන්න මැරෙන්න කලින් ලෝකේ දැකලා එන්න..

:       47       44

ධනුෂ්කSaturday, 30 March 2019 02:42 PM

අපි ඔවුන්ගෙන් විවිධ භාණ්ඩ මිලදී ගන්නවා.. අපි ඔවුන්ගෙන් අාගම අැතුළු ගොඩක් දේවල් ලබා ගත්තා. නමුත් ඔවුන්ගේ පසුගාමි සමාජ චින්තනය හා විඤ්ඤානය ලබා ගත්තේ නෑ. එ් සමාජ රටාව හරිම අපුලයි, පසුගාමීයි. අාගම් අැදහීම් හා අභිචාර විධි ඉතාමත් අවිචාරවත්. දුර බැහැර නොදියුණු පළාත්වල තවමත් හොර රහසේ සැමියා මිය ගිය කාන්තාවන් සැමියගේ දර සෑයට දමනවා. තවමත් නිරුවත් පූජකයෝ ඉන්නවා. සතුන් දහස් ගනනින් බිලි පූජා දෙනවා. හැබැයි පාලකයෝයි මේවට ඉඩ දෙන්නේ... මෙවන් පසුගාමි සමාජයක් පාලනය කිරීම ඉතා පහසු නිසයි. රෑ හීනෙන් දෙයියෝ කීවේ කිව්වොත් කුමක් වුවත් පිලිගන්නවා. මට දුක ලංකාවටත් දැන් විවිධ දේ ඔස්සේ ඉන්දියානු පසුගාමි සමාජ චින්තනය ගලා එ්මයි. එ්ක කෙතරම්ද කිව්වොත් ඉන්දියාවේ දී බුදු හාමුදුරුවෝ බමුණු අාගම ප්‍රතික්ෂේප කළා හැබැයි ලංකාවේ එ් දෙවිවරු පන්සල අැතුලේ. එ් මදිවට සමහර ස්වාමින් වහන්සේලා යන්තර මන්තර ගුරුකම් කරනවා.

:       0       102

banda Saturday, 30 March 2019 01:49 PM

ඉන්දියාව තව අවුරුදු 25න් ඉන්න තැන දැක්කම අපිට පස් කකා ඉන්න වෙන්නේ...

:       27       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site