චීනයට ගුවන් බලඇණියක් සන්නද්ධ කිරීමට සහ පුහුණු කිරීමට රුසියාව එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

චීනය සහ රුසියාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින හමුදාමය හවුල්කාරිත්වය මෙමගින් තවත් පුළුල් වනු ඇතැයි ද පැවැසෙයි.

චීනය රුසියාවට පවසා ඇත්තේ කොන්දේසි විරහිතව සහාය දෙන බවය. චීන ජනාධිති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ ද ඉතා සමීප මිත්‍රත්වයකි.