
මියන්මාරය කැලඹූ භූමිකම්පාවේ ප්‍රබලත්වය, චීනයට ද දැනුණි. චීනයේ යුනාන් පළාතේ රෝහලක් ද භූමිකම්පාව හේතුවෙන් දෙදරන්න පටන් ගත්තේය.
එම රෝහලේ සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ හෙදියන්, ඔවුන්ගේ ජීවිත ගැන නොසිතා අලුත උපන් බිලිඳන් ආරක්ෂා කර ගනිමින්, ඒම බිලිඳන් සමඟ සිටින දසුන් ද ඒ අතර වෙයි.
මෙම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. චීන හෙදියන්ගේ ක්‍රියාකලාපය ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇත.
භූමි කම්පාව හේතුවෙන් චීනයෙන් කිසිදු මරණයක් වාර්තා නොවන නමුත් තුවාලකරුවන් සිටින බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd