IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


චීන හිඟන්නන් තිරිසන් වැඩක් කරයි

අත්පා අහිමි වීම ‘‘වෙළඳ‘‘ භාණ්ඩයක් කරගෙන සිඟමනේ යෙදීමෙන් තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි තැන බලෙන්ම අත්පා  කපා දැමු සතුන්, පෙන්වමින් ඔවුන් සුවපත් කිරීමටැයි සිඟමනේ යෙදීම චීන යාචකයින්ගේ අලූත් කලාව වී තිබේ.

පසුගිය දිනෙක ෂුස්හු නගරයේ මෙවැනි සිදුවීමක් දැකගත හැකිවූ අතර පසුපස පාද වල කුර අහිමි ඔටුවෙකු ළඟ තබාගෙන සිටි යාචකයින් දෙදෙනෙක් තම සුරතලා සුවපත් කර ගැනීම සදහා මග එන යන්නවුන්ගෙන් මුදල් ඉල්ලමින් සිටියෝය.

ඔටුවාගේ කුර හදිසි අනතුරකින් අහිමිවූ බව ඔවුන් පැවසූවද ඒවා කපා දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි.

අසරණ සතා තමන්ගේ දුක කියාගත නොහැකිව බුද්ධියෙන් උසස් යැයි සැළකෙන සත්ත්වයා වන මිනිසාගේ බසට අවනතව ඔවුන් සේම බිම දිගාවී සිටියේය.

මග සිටියෝ ඔවුන්ට මුදල් යහමින් ලබා දුන්හ. මෙසේ විශාල වශයෙන් මුදල් උපයාගැනීමට හැකි නිසා දැන් බොහෝ චීන යාචකයින් ඔවුන් අතින්ම හිංසා කරන ලද සතුන් පෙන්වමින් සිඟමන් යදින වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන් පවසයි.

චීන නීති පද්ධතියේ සත්ත්ව හිංසාවට එරෙහි නීතියක් නොමැති වීම ඔවුන්ගේම වාසියට හේතුවී ඇතැයිද ඔවුන් කියයි.

පොලිසියද පවසන්නේ මෙවන් පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.සිඟමනේ යෙදුණේයැයි දඩයක් පැමිණවීම මිස ඊට වඩා වැඩි දෙයක් කිරීමට ඉඩක් නැති බව ඔවුන් කියයි.

1413802945450_wps_26_Pic_shows_This_camel_was_ 1413802950727_wps_27_Pic_shows_This_camel_was_ 1413802956209_wps_28_Pic_shows_This_camel_was_



අදහස් (0)

චීන හිඟන්නන් තිරිසන් වැඩක් කරයි

රූපවතී Tuesday, 21 October 2014 05:43 AM

මට නම් මේක කියවන්න බැහැ මුල් පේලි දෙක පමණයි කියෙව්වේ (නදී)

:       0       0

වසන්ත විමලධර්ම Tuesday, 21 October 2014 12:45 PM

මෙවැනි හිගන්නන්ට සිගමන් නොදී සමාජ විරෝධයක් පෑමෙන් මිස ඉදිරියේ මෙවැනි සතුන් මෙයට ගොදුරු වීම වලක්වා ගත හැකි නොවේ (නදී)

:       0       0

මෙල්වින් Wednesday, 22 October 2014 01:24 AM

මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)

:       0       0

තිවංක Wednesday, 22 October 2014 02:44 AM

අනේ මන්දා මේ වගේ තිරිසන්නු නිරය ගැන දන්නේ වත් නැද්ද (නදී)

:       0       0

විකුම් Tuesday, 21 October 2014 06:36 AM

සල්ලි හොයන්න ඕනේම මිනිහෙක් හොර වැඩ කරනවා.(හේ)

:       0       0

සරත් Tuesday, 21 October 2014 06:37 AM

ලංකාවේ හිගන්නු පුංචි දරුවන්ගේ අත්පා වල තෙල්වර්ග ගා කොර කරලා හිගකනවා අහලා තියෙනවද? දැකලා තියෙනවද?ළමයින්ට නිදි පෙති දීල අසනීපෙ කියලා හිගකනවා දැකලා තියෙනවද? (හේ)

:       0       0

පියවතී රත්නවීර Wednesday, 22 October 2014 11:01 AM

මේ සත්තු වුණත් ගිය ආත්ම වල මහා පවු කරලා තියෙනවා.ඒකයි මේ ආත්ම මේ විදියට පලවිපාක දෙන්නේ.(හේ)

:       0       0

රෝහණ Wednesday, 22 October 2014 03:18 AM

සල්ලි හොයන්න අපේ රටෙත් ඕනෑම බලු ජඩ වැඩක් කරනවා. දැන් මහජනයාට සහ අනිකුත් මාද්‍ය වලට අමතක වුනත් අපේ රටේ මුල් පුරවැසියෝ අහිංසකයින් වෙනුවෙන් ලැබුණු සුනාමි ආධාර මුදල් හොරකම් කළා නේද? (නදී)

:       0       0

සුමින්ද Friday, 24 October 2014 02:41 AM

මෝඩයා පවෙහි විපාක ලැබෙන තුරු එය රස කර කර භුක්ති විදී. නමුත් එය විපාක දෙන කාලය පැමිණියාම මෝඩයා තමා කල පව් ගැන සිතමින් කඳලු සලයි. පවෙහි විපාක එළදෙනගෙන් කිරි දොවන්නාක් මෙන් එවේලේම විපාක නොදුන්නත් අලු යට සැගවුනු ගිනි මෙන් යම් කලක විපාක ගෙන දෙයි. (නදී)

:       0       0

ගයන් Tuesday, 21 October 2014 02:08 PM

දැන් ලංකාවෙනම් හැබයි මේ වගේ හොර හිගන්නන්ට පාඩම් උගන්නනවා. කව්රුත් සල්ලි දෙන්නේ නෑ මේ වගේ මිනිස්සුන්ට සල්ලි දෙන අය මෝඩයෝ (නදී)

:       0       0

විශ්මි ද සිල්වා Wednesday, 22 October 2014 03:33 AM

චීනේ, සංවර්දනයෙන් දියුණු උනාට මිනිස්සු මනුස්සකම් වලින් ගොඩක්ම නොදියුනුයි. ඉදිරියේදී ලංකාවත් එහෙම වෙයි (නදී)

:       0       0

සමන්ති Tuesday, 21 October 2014 02:26 PM

කොළඹට ආසන්න නගරයක මිනිසෙක් අතක් කෝච්චියට අසුවුණාම හිඟාකෑම සරුවෙන්න අනිත් අතත් කෝච්චියට තැබුවා. (නි)

:       0       0

යහම්පත් Tuesday, 21 October 2014 03:27 PM

අපේ ලංකාවේ සමහර කට්ටියත් පිටරට වලින් සරණක් පතමින් යන්නේ මෙහෙම නේද කියලා මට හිතුනා (නි)

:       0       0

ජයන්ත Tuesday, 21 October 2014 03:30 PM

මේ වගේ තිරිසන් වැඩ ඉදිරියට ගොඩාක් අහන්න ලැබෙයි.ලෝකයේ අවසාන කාලය ගතවීගෙනයි යන්නෙ. (නි)

:       0       0

සාරංග Tuesday, 21 October 2014 09:40 AM

මෙහෙමත් ලෝකයක්.(හේ)

:       0       0

කුමාරි Tuesday, 21 October 2014 04:32 PM

ඒවුණාට චීනයේ ඉන්නවා කියන්නේ වැඩිහරියක් බෞද්ධ අය නේද? (නි)

:       0       0

හිරන්ත Tuesday, 21 October 2014 10:20 AM

බෞද්ධ ඉගැන්වීම ලෝකයෙන් ඉවත්වීමේ ප්‍රථිවිපාක. (නදී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Wednesday, 22 October 2014 06:34 AM

ඉන්දියාවේ තම දරුවන් ගේ අත් පා බලෙන් විකුර්ති කොට සිඟමනේ යොදවන දෙමාපියනුත් ඉන්නවා. (හේ)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 22 October 2014 04:13 PM

මට නම් මේ ගැන බොහොම දුකයි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 21 October 2014 06:27 PM

අපේ රටේ සමහර අයට ඔය චීනාව ලොකු වුණාට චීනා කියන්නේ ලෝකයටම අනාගතයේදී මහා නස්පැත්තියක්. තව අවුරුදු 10ක් යන්නට කලින් අපේ රටට මොකද වෙන්නේ කියලා හිතන්න මහත්වරුනි. (නි)

:       0       0

නාරද Tuesday, 21 October 2014 11:13 AM

මේ කරන වැඩ වලට ඊළග ආත්මයක් නෑ.(හේ)

:       0       0

ශීලා Tuesday, 21 October 2014 07:46 PM

අපේ විශ්ව විද්‍යාල පුතාලා මේ ප්‍රවෘත්තිය කියවන්න. සමාජවාදී ලෝකයේ හිඟන්නෝ නැහැ කියලා මාත් ඒ කාලේ විශ්වාස කළා (නි)

:       0       0

ජෝයි Tuesday, 21 October 2014 07:46 PM

ඔන්න ලෝකයේ දෙවැනි බලවතාගේ තත්ත්වය! (නි)

:       0       0

නන්දන Tuesday, 21 October 2014 07:48 PM

ලංකාවේ සමහර හිඟන්නෝත් අතදරුවන්ට මත්ද්‍රව්‍යය දීලා මත්කරලා ලෙඩ ගතියක් ආරෝපනය කරලයි පින්වතුන්ගේ මඩියට විදින්නේ. (නි)

:       0       0

ආනන්ද Wednesday, 22 October 2014 08:09 AM

බුදු දහමේ දේශනා කළ පරිදි මිනිසාගේ පරිහානිය ආරම්භ වෙලා. (නදී)

:       0       0

සම්පත් Friday, 24 October 2014 03:27 PM

මට නම් බලන්න බැහැ (අ)

:       0       0

රජින්ද Tuesday, 21 October 2014 05:03 AM

දැන් මේ ලෝකය ගෙවමින් පවතින්නේ පරිහානියේ මැද භාගයයි. ඉදිරියේදී මේ සතාට කළපරිදිම උපන් දරුවන්ගේද අත්-පා කපා දමා මෙලෙසම ඒ දරුවන්ද සමඟින් හිඟමනේ යෙදීමේ ප්‍රවණතාවයන් ඇතිවිය හැක. මේ විකෘතිය ලෝකාන්තය තෙක් වර්ධනය වෙමින් වෙනස් වෙමින් පවතිනු ඇත. (නි)

:       0       0

රොහාන් Wednesday, 22 October 2014 09:17 AM

මිනිසුන්ට ජීවත්වීමට මුදල් ඕනේ තමයි එ් වුණත් මේ තිරිසන් වැඩ නම් අනුමත කරන්න බැහැ.(හේ)

:       0       0

බෙනට් Tuesday, 21 October 2014 12:35 PM

සමාජවාදී යයි කියන චිනේ හිඟන්නන්ට ගෙවීමක් නැද්ද ? දනවාදී රටවල නම් රජයෙන් ගෙවීමක් කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site