අත්පා අහිමි වීම ‘‘වෙළඳ‘‘ භාණ්ඩයක් කරගෙන සිඟමනේ යෙදීමෙන් තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි තැන බලෙන්ම අත්පා කපා දැමු සතුන්, පෙන්වමින් ඔවුන් සුවපත් කිරීමටැයි සිඟමනේ යෙදීම චීන යාචකයින්ගේ අලූත් කලාව වී තිබේ.
පසුගිය දිනෙක ෂුස්හු නගරයේ මෙවැනි සිදුවීමක් දැකගත හැකිවූ අතර පසුපස පාද වල කුර අහිමි ඔටුවෙකු ළඟ තබාගෙන සිටි යාචකයින් දෙදෙනෙක් තම සුරතලා සුවපත් කර ගැනීම සදහා මග එන යන්නවුන්ගෙන් මුදල් ඉල්ලමින් සිටියෝය.
ඔටුවාගේ කුර හදිසි අනතුරකින් අහිමිවූ බව ඔවුන් පැවසූවද ඒවා කපා දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි.
අසරණ සතා තමන්ගේ දුක කියාගත නොහැකිව බුද්ධියෙන් උසස් යැයි සැළකෙන සත්ත්වයා වන මිනිසාගේ බසට අවනතව ඔවුන් සේම බිම දිගාවී සිටියේය.
මග සිටියෝ ඔවුන්ට මුදල් යහමින් ලබා දුන්හ. මෙසේ විශාල වශයෙන් මුදල් උපයාගැනීමට හැකි නිසා දැන් බොහෝ චීන යාචකයින් ඔවුන් අතින්ම හිංසා කරන ලද සතුන් පෙන්වමින් සිඟමන් යදින වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන් පවසයි.
චීන නීති පද්ධතියේ සත්ත්ව හිංසාවට එරෙහි නීතියක් නොමැති වීම ඔවුන්ගේම වාසියට හේතුවී ඇතැයිද ඔවුන් කියයි.
පොලිසියද පවසන්නේ මෙවන් පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.සිඟමනේ යෙදුණේයැයි දඩයක් පැමිණවීම මිස ඊට වඩා වැඩි දෙයක් කිරීමට ඉඩක් නැති බව ඔවුන් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේක කියවන්න බැහැ මුල් පේලි දෙක පමණයි කියෙව්වේ (නදී)
මෙවැනි හිගන්නන්ට සිගමන් නොදී සමාජ විරෝධයක් පෑමෙන් මිස ඉදිරියේ මෙවැනි සතුන් මෙයට ගොදුරු වීම වලක්වා ගත හැකි නොවේ (නදී)
මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)
අනේ මන්දා මේ වගේ තිරිසන්නු නිරය ගැන දන්නේ වත් නැද්ද (නදී)
සල්ලි හොයන්න ඕනේම මිනිහෙක් හොර වැඩ කරනවා.(හේ)
ලංකාවේ හිගන්නු පුංචි දරුවන්ගේ අත්පා වල තෙල්වර්ග ගා කොර කරලා හිගකනවා අහලා තියෙනවද? දැකලා තියෙනවද?ළමයින්ට නිදි පෙති දීල අසනීපෙ කියලා හිගකනවා දැකලා තියෙනවද? (හේ)
මේ සත්තු වුණත් ගිය ආත්ම වල මහා පවු කරලා තියෙනවා.ඒකයි මේ ආත්ම මේ විදියට පලවිපාක දෙන්නේ.(හේ)
සල්ලි හොයන්න අපේ රටෙත් ඕනෑම බලු ජඩ වැඩක් කරනවා. දැන් මහජනයාට සහ අනිකුත් මාද්‍ය වලට අමතක වුනත් අපේ රටේ මුල් පුරවැසියෝ අහිංසකයින් වෙනුවෙන් ලැබුණු සුනාමි ආධාර මුදල් හොරකම් කළා නේද? (නදී)
මෝඩයා පවෙහි විපාක ලැබෙන තුරු එය රස කර කර භුක්ති විදී. නමුත් එය විපාක දෙන කාලය පැමිණියාම මෝඩයා තමා කල පව් ගැන සිතමින් කඳලු සලයි. පවෙහි විපාක එළදෙනගෙන් කිරි දොවන්නාක් මෙන් එවේලේම විපාක නොදුන්නත් අලු යට සැගවුනු ගිනි මෙන් යම් කලක විපාක ගෙන දෙයි. (නදී)
දැන් ලංකාවෙනම් හැබයි මේ වගේ හොර හිගන්නන්ට පාඩම් උගන්නනවා. කව්රුත් සල්ලි දෙන්නේ නෑ මේ වගේ මිනිස්සුන්ට සල්ලි දෙන අය මෝඩයෝ (නදී)
චීනේ, සංවර්දනයෙන් දියුණු උනාට මිනිස්සු මනුස්සකම් වලින් ගොඩක්ම නොදියුනුයි. ඉදිරියේදී ලංකාවත් එහෙම වෙයි (නදී)
කොළඹට ආසන්න නගරයක මිනිසෙක් අතක් කෝච්චියට අසුවුණාම හිඟාකෑම සරුවෙන්න අනිත් අතත් කෝච්චියට තැබුවා. (නි)
අපේ ලංකාවේ සමහර කට්ටියත් පිටරට වලින් සරණක් පතමින් යන්නේ මෙහෙම නේද කියලා මට හිතුනා (නි)
මේ වගේ තිරිසන් වැඩ ඉදිරියට ගොඩාක් අහන්න ලැබෙයි.ලෝකයේ අවසාන කාලය ගතවීගෙනයි යන්නෙ. (නි)
මෙහෙමත් ලෝකයක්.(හේ)
ඒවුණාට චීනයේ ඉන්නවා කියන්නේ වැඩිහරියක් බෞද්ධ අය නේද? (නි)
බෞද්ධ ඉගැන්වීම ලෝකයෙන් ඉවත්වීමේ ප්‍රථිවිපාක. (නදී)
ඉන්දියාවේ තම දරුවන් ගේ අත් පා බලෙන් විකුර්ති කොට සිඟමනේ යොදවන දෙමාපියනුත් ඉන්නවා. (හේ)
මට නම් මේ ගැන බොහොම දුකයි (නි)
අපේ රටේ සමහර අයට ඔය චීනාව ලොකු වුණාට චීනා කියන්නේ ලෝකයටම අනාගතයේදී මහා නස්පැත්තියක්. තව අවුරුදු 10ක් යන්නට කලින් අපේ රටට මොකද වෙන්නේ කියලා හිතන්න මහත්වරුනි. (නි)
මේ කරන වැඩ වලට ඊළග ආත්මයක් නෑ.(හේ)
අපේ විශ්ව විද්‍යාල පුතාලා මේ ප්‍රවෘත්තිය කියවන්න. සමාජවාදී ලෝකයේ හිඟන්නෝ නැහැ කියලා මාත් ඒ කාලේ විශ්වාස කළා (නි)
ඔන්න ලෝකයේ දෙවැනි බලවතාගේ තත්ත්වය! (නි)
ලංකාවේ සමහර හිඟන්නෝත් අතදරුවන්ට මත්ද්‍රව්‍යය දීලා මත්කරලා ලෙඩ ගතියක් ආරෝපනය කරලයි පින්වතුන්ගේ මඩියට විදින්නේ. (නි)
බුදු දහමේ දේශනා කළ පරිදි මිනිසාගේ පරිහානිය ආරම්භ වෙලා. (නදී)
මට නම් බලන්න බැහැ (අ)
දැන් මේ ලෝකය ගෙවමින් පවතින්නේ පරිහානියේ මැද භාගයයි. ඉදිරියේදී මේ සතාට කළපරිදිම උපන් දරුවන්ගේද අත්-පා කපා දමා මෙලෙසම ඒ දරුවන්ද සමඟින් හිඟමනේ යෙදීමේ ප්‍රවණතාවයන් ඇතිවිය හැක. මේ විකෘතිය ලෝකාන්තය තෙක් වර්ධනය වෙමින් වෙනස් වෙමින් පවතිනු ඇත. (නි)
මිනිසුන්ට ජීවත්වීමට මුදල් ඕනේ තමයි එ් වුණත් මේ තිරිසන් වැඩ නම් අනුමත කරන්න බැහැ.(හේ)
සමාජවාදී යයි කියන චිනේ හිඟන්නන්ට ගෙවීමක් නැද්ද ? දනවාදී රටවල නම් රජයෙන් ගෙවීමක් කරනවා (නදී)