චීනයේ ෂින්ජියැං පළාතේ වාර්ගික උයිගූර් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමට විරෝධය පළකිරීමක් ලෙස චීන සමාගම් 28ක් අසාදු ලේඛනගත කිරීමට ඇමරිකානු ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
මානව හිමිකම් සංවිධාන පවසන්නේ චීනය මුස්ලිම් උයිගූර් ජනතාව කඳවුරු වල රඳවා ඔවුන්ට හිරිහැර කරන බවයි. මිලියනයක පමණ පිරිසක් මෙසේ කඳවුරුවල රඳවා ඇති බවද සඳහන් වේ.
මෙය ප්‍රතික්ෂේප කරමින් චීනය පවසන්නේ ඔවුන් කඳවුරුගතකර ඇත්තේ වෘත්තීය පුහුණුව ලබාදීමට බවයි.
අසාදුගත කළ මෙම සමාගම් ඇමරිකානු නිෂ්පාදන මිලට ගැනීමේදී වොෂින්යන් අවසර ගතයුතු වේ. එම සමාගම් 28 ට ඔත්තු සේවා උපකරණ නිපදවන කම්හල් කිහිපයක් ද ඇතුළත් වේ.
ඇමරිකාව විසින් චීන සමාගම් අසාදුගතකල ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය පෙන්වා දෙයි. විචාරකයින් පවසන්නේ චීනය සහ ඇමරිකාව වෙළඳ සංග්‍රාමයකට අර අදින බවයි.
දෙරට අතර වර්ධනය වන නොසන්සුන්තාවයන් මැඩපැවත්වීමට සාකච්ඡා කිරීම සඳහා චීන නියොජිත පිරිසක් වොෂින්ටනයට ගොස් ඇතැයි ද සඳහන් වේ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කිම් උන් ජොන් සහෝදරයාණනි, මේවාට පිළිතුරු දෙන හැටි කියා දෙන්නකෝ. කිසිම රටක් ලොව යහතින් ඉන්නවාට අකමැති රටක්. ලෝකෙට ලොක්කා කියා හිතාගෙන මුළු ලෝකෙම තමන්ගේ සපත්තුවෙන් පාගා ගෙන ඉන්න හදන ජාතියක්. තාම තාක්ෂනය අතින් චීනයට පරාද වෙන හින්දා මොකක් හරි උප්පර වට්ටියක් යොදවනවා දියුණුවට අකුල් හෙලන්න.