IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරිකාවේ තීරණයක්

චීනයේ ෂින්ජියැං පළාතේ  වාර්ගික උයිගූර් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමට විරෝධය පළකිරීමක් ලෙස චීන සමාගම් 28ක් අසාදු ලේඛනගත කිරීමට ඇමරිකානු ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

 මානව හිමිකම් සංවිධාන පවසන්නේ චීනය මුස්ලිම් උයිගූර් ජනතාව කඳවුරු වල රඳවා ඔවුන්ට හිරිහැර කරන බවයි. මිලියනයක පමණ පිරිසක් මෙසේ කඳවුරුවල රඳවා ඇති බවද සඳහන් වේ.
 
මෙය ප්‍රතික්ෂේප කරමින් චීනය පවසන්නේ ඔවුන් කඳවුරුගතකර ඇත්තේ වෘත්තීය පුහුණුව ලබාදීමට බවයි.
 
අසාදුගත කළ මෙම සමාගම් ඇමරිකානු නිෂ්පාදන මිලට ගැනීමේදී වොෂින්යන් අවසර ගතයුතු වේ. එම සමාගම් 28 ට ඔත්තු සේවා උපකරණ නිපදවන කම්හල් කිහිපයක් ද ඇතුළත් වේ.
 
ඇමරිකාව විසින් චීන සමාගම් අසාදුගතකල ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය පෙන්වා දෙයි. විචාරකයින් පවසන්නේ චීනය සහ ඇමරිකාව වෙළඳ සංග්‍රාමයකට අර අදින බවයි. 

දෙරට අතර වර්ධනය වන නොසන්සුන්තාවයන් මැඩපැවත්වීමට සාකච්ඡා කිරීම සඳහා චීන නියොජිත පිරිසක් වොෂින්ටනයට ගොස් ඇතැයි ද සඳහන් වේ.

(බීබීසි ඇසුරිණි - 085)
 



අදහස් (1)

චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරිකාවේ තීරණයක්

රවින් Tuesday, 08 October 2019 12:53 PM

අනේ කිම් උන් ජොන් සහෝදරයාණනි, මේවාට පිළිතුරු දෙන හැටි කියා දෙන්නකෝ. කිසිම රටක් ලොව යහතින් ඉන්නවාට අකමැති රටක්. ලෝකෙට ලොක්කා කියා හිතාගෙන මුළු ලෝකෙම තමන්ගේ සපත්තුවෙන් පාගා ගෙන ඉන්න හදන ජාතියක්. තාම තාක්ෂනය අතින් චීනයට පරාද වෙන හින්දා මොකක් හරි උප්පර වට්ටියක් යොදවනවා දියුණුවට අකුල් හෙලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2410 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site