චීනයේ සියෑන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් ක්‍රියා විරහිත කර මාසයකට පසු යළි විවෘත කරද්දී එහි මියගිය කාන්තාවක සිටි බව චීන මාධ්‍ය වාර්තා කරයි. විදුලි සෝපානය ක්‍රියාවිරහිත කරන අවස්ථාවේ ඇය එහි සිර වන්නට ඇතැයි ද යළි මාසයකට පසු ක්‍රියාත්මක කරනතුරු කිසිවකුගෙන් උදව් ලබාගත නොහැකිව හාමතේ මිය යන්නට ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

මියගිය කාන්තාව 43 හැවිරිදිය. ඇය එම නිවාස සංකීර්ණයේ නිවසක තනියම ජීවත් වූ බවත් ඇය මෙලෙස විදුලි සෝපානයේ හිර වූ බව හෝ අතුරුදන් වූ බව කිසිවකු විසින් නොදැන සිටින්නට ඇති බවත් නිවාස සංකීර්ණයේ බලධාරීන් පවසයි. පසුගිය ජනවාරි 30 වැනි දා මේ සෝපානය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ක්‍රියාවිරහිත කළ විදුලි සෝපානය යළි ක්‍රියාත්මක කර ඇත්තේ මාරතු 01 දාය. පසුගිය කාලයේ පැවති අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් විදුලි සෝපානය අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වූ බව ද බලධාරීන් පවසයි.