චීනය විසින් ප්‍රථම වරට ගුවනට යවනු ලැබූ ටියෑංගොන්ග් 1 අභ්‍යාවකාශ ෂටලය ලබන වසරේ අවසාන මාස කිහිපයේදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි විශ්වාස කරන බව අභ්‍යාවකාශ තාක්ෂණවේදීන් පවසා ඇත.
2011 වසරේදී ගුවන් ගත කරනු ලැබූ යානයේ පාලන කටයුතු චීන බලධාරීන්ගෙන් ගිලිහී ඇති බවද වාර්තා වේ. තවත් වාර්තාවක දැක්වෙන්නේ අභ්‍යාවකාශ ෂටලය එහි කාර්යයන් සියල්ල සම්පූර්ණ කර අවසන් බවයි.
ටොන් 8.5ක් බර අභ්‍යාවකාශ ෂටලය පෘථිවි වායුගෝලයට ඇතුලු වූ පසු එහි බොහෝ කොටස් ගිනිගෙන දැවී යනු ඇතැයි අභ්‍යාවකාශ ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියක් පවසා ඇත.
මේ දිනවල ටියෑංගොන්ග් 1 පෘථිවියට කිලෝමීටර 370ක් දුරින් කක්ෂයක ගමන් කරමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘථිවියට කිලෝ මීටර් 370 දුරින් ගමන් කරනවයි කියන්නේ ගුරුත්වය තුල ගමන් කරන ෂටලයක්නේ. පාලන කටයුතු ගිලිහි ගියා නම් එහෙනම් එය මෙලහටත් කඩන වැටිලනේ. (අ)
ඕක ලංකාවට වැටුනොත් පරණ යකඩ වලටවත් විකුණලා කීයක්හරි සොයාගන්න පුළුවන් (නි)
පෙනෙන්නේ නැද්ද නොරෝචෝලේ තිබෙන කරච්චලය(රේ)
මේ ඉලව්ව අපේ ඔලුවට කඩා වැටෙයිද මන්දා වැට් මදිවට (බ)