දකුණු දිග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ හොන්චෙන් වැවේ මාළු ටොන් 35කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි චීන පුවත් සේවා පවසයි.
චීන රජයේ ආරංචි පැවසූයේ මෙම මාළු මිය යෑමට හේතුව වැවේ ජලයේ ලවණ මට්ටම ඉහළ යාම බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරිසරවේදීහු පරීක්ෂණ පවත්වති.
එසේ මිය ගිය මාළුන් වියත් භාගයක් පමණ දිගැති කුඩා මාළුන් බවත් අවට වැසියන් එවැනි මාළු මීට පෙර එම වැවේ දැක නැති බවත් කියති.
සෞඛ්‍යාරක්ෂාව සඳහා චීන රජය කඩිනම් පියවර ගෙන ඇති අතර සනීපාරක්ෂක සේවකයින් වැවේ මාළු ඉවත් කර පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද .. තාම මාළු ටික ඉවත්කරලා ඉවරත් නැහැ .. එත් ටොන් 35 කට වඩා මාළු ටික බරලු.(හේ)
ටික දවසකින් කරවලත් ඒවි චීනෙන් එහෙනං (බ)
ලාබයි ලාබයි චීන ටින් මාළු. (බ)
වේගවත් සංවර්ධනයේ ප්‍රතිඵල. (නි)