
චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය.
චීන විදේශ අමාත්‍යවරයාට රුසියන් ජනාධිපති පුටින්ගෙන් හිමි වූයේ ඉතා උණුසුම් පිළි ගැනීමකි. රුසියන් යුක්රේන යුද්ධයට ඇමෙරිකාව මැදිහත් වීමත්, රුසියාව සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා මේ වනවිට නිර්මාණය වීමත් සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යවරයා රුසියන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කළේය.
චීන විදේශ අමාත්‍යවරයා මොස්කව් බලා පැමිණියේ තෙදින නිල සංචාරයකටය. රුසියාවත් චීනයත් අතරේ උපායමාර්ගික සහයෝගීතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd