IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීන විදේශ ඇමැති හිටිහැටියේ ඉන්දියාවට

චීන විදේශ ඇමැති වෙංග් ඊ  ඉන්දියාවට පැමිණියේය. චීන විදේශ ඇමැතිවරයාගේ මෙම සංචාරය ‘හදිසි සංචාරයක්’ යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

චීනයත් ඉන්දියාවත් අතරේ දේශසීමා අර්බුද පවතී. 2020 වසරේදී ඉන්දු චීන දේශසීමාවේ දරුණු අවි ගැටුමක් සිදුවිය. එම සිදුවීමෙන් පසු ඉන්දියාවත් චීනයත් අතර පැවැතියේ අර්බුදකාරී තත්ත්වයකි.

එම සිදුවීමෙන් පසු, චීන රජයේ ඉහළ නිලධාරියකු ලෙස විදේශ අමාත්‍ය වෙංග් ඊ ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

වීන විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී දෙරටේ සබඳතා සම්බන්ධයෙන්, ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. රුසියාව, ඉන්දියාවේත් චීනයේත් සමීපතම මිතුරාය.

ඉන්දීය විදේශ ඇමැති හමුවී සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ ඇමැති වෙංග් ඊ නේපාලයේ කත්මණ්ඩු අගනුවර බලා පිටත්ව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාව බලා පැමිණියේ පාකිස්තානයේ ‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට’ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙමිනි. ‘ඉස්ලාමීය සහයෝගීතා සමුළුව’ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වුණේ ඉස්ලාමීය රටවල විදේශ ඇමැතිවරුන් ඇතුළු නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

චීන විදේශ ඇමැති හිටිහැටියේ ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site