IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි

චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු වලින් සකස් කර ඇත. මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත කර ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදායි.

සිද්ධියවූ අවස්ථාවේ එහි සිටි සංචාරකයින් භීතියට පත්ව ඇති බවත් කියති.

එම වීදුරු මග මුහුදු මට්ටමේ සිට අඩි 4700 ක් උසින් පිහිටා ඇති අතර එය අඩි 200 ක පමණ දිගකින් යුක්තය.

එහි ප්‍රකාශකයකු ඩේලිමේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයකුගේ මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් මෙහි ඉරිතැලීමක් සිදුව ඇති බවයි.

තීරු 3 කින් යුත් එහි එක්තීරුවක පමණක් ඇතිවූ එම ඉරිතැලීමෙන් සංචාරකයන්ට හානියක් නොවූ බවද ඔහු පවසා ඇත.

2D251AD100000578-3261778-i2015107mage-a-79_1444153355353 article-2060023-0EBEF2F9000005782015107-885_634x818 article-2060023-0EBEF4C000000578-970_2015107634x416 article-2060023-0EC097A700000578-2492015107_634x441



අදහස් (0)

චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි

රංජිත් Sunday, 11 October 2015 07:57 AM

මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් ඉරි තැලුවානම් තඩි සුද්දෙක් වීදුරව මත ලිස්සා වැටුනාම් සුද්දාට බඩුම තමයි. (බ)

:       0       1

නිශාන්ත මැදගොඩ Sunday, 11 October 2015 08:16 AM

මමත් ඔය පාලමෙන් අැවිදල තියෙනවා,, එ්ක සෙන්ටීමීටර් ගණනාවක් පළලයි, පොඩ්ඩක් ඉරි තැලුනට මුකුත්වෙන්නෙ නෑ. ඒක චීනා ඉක්මනට හදයී, ඕවා එච්චර වැඩ නෙමේ චීනට, කරලා තියෙන වැඩ බැලුවම.අපේ රටේ මහා ලොකුවට සංචාරක කර්මාන්තය තියෙනව කිව්වට ,චීනෙට ගිහිල්ලා බලන්ඩ ඕනෙ කොහොමද කියලා, බොරුවට කෑගහන්නේ නැතුව. මේකේ යනකොට සපත්තු දාන්නෙ වැස්ස දවස්වලට මඩ වෙලා පහළ පෙනෙන්ඩ, එවා රෙදි වලින් හදපු සපත්තු (බ)

:       0       0

සුනිල් Wednesday, 07 October 2015 05:05 PM

චීන බඩු හොඳ ප්‍රමිතියෙන් තියනවා. ඒ් වගේම බාල ගාණ අඩු කුණු බඩුත් තියනවා. අයිපැඩ් එක පිටිපස්සේ ගහල තියෙන්නෙත් මේඩ් ඉන් චයිනා කියලා (බ)

:       101       0

ජගත් Saturday, 10 October 2015 03:30 AM

ජෝගුව මළ නොකන එකක් නිසා තමයි පාලම ඉරි තැලුනේ. මළ බැඳෙන එකක් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ (නි)

:       0       0

අනුර Friday, 09 October 2015 11:23 AM

මා චීනයේ වැඩ කලා ලෝකයේ දිගම එල්ලෙන පාලම හොන් කොන් නුවරට හැදුවේ චීනයේ එම ජනතාවගේ වැඩ කිරීමේ දායකත්වය නිර්මාණ ඉතා ඉහල මට්ටමක් අපිට ආදර්ශයක් අනුන් විවේචන කරමින් කාලය කා දමමින් නව නිර්මාණ වලින් ඇත් වෙමින් ගෙනයන ජීවිත උරුම උනේ විදේශික පාලනයෙන්. (ර)

:       0       0

අනුර - ඩුබායි Friday, 09 October 2015 11:25 AM

සුද්දන්ට ඉංග්‍රීසි ඉගැන්නු අපිට චීන්නුන්ට පාලම් හදන්න කියා දෙන එක සුළු වැඩක් නොව. (ර)

:       0       101

අනුර Friday, 09 October 2015 11:27 AM

හදිසි අවස්ථාවකදී බස් රථවල වීදුරු බිදින්න සුදු යකඩෙන් සැදූ මිටි සවි කර තිබෙනවා. (ර)

:       0       0

ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 06:30 PM

කොහොම හරි චීනා මොනවා හරි හොයා ගන්නවා නිෂ්පාදන කරනවා අපේ අයට පුළුවන් දොෂ් කියන එක තමයි කමක් නැහැ ඒක හරි කරනවා. (ර)

:       0       0

චාමි Wednesday, 07 October 2015 11:47 AM

චීන නිෂ්පාදනයක්නේ බාලයි. (ර)

:       0       0

කමල් Wednesday, 07 October 2015 07:09 PM

චීන මහාප්‍රාකාරය ලෝක පුදුමයක් උනේ වැඩිම කාලයක් පැවතුන චීන නිෂ්පාදනයක් නිසා. (ර)

:       0       0

ගායනා නෙත්මි Thursday, 08 October 2015 12:06 PM

අර අනිත් එල්ලෙන පාලම වගේ මේ පාලමෙත් යන අයට විශේෂික වූ පාවහන් හා සුරක්ෂික භාවය තහවුරු කලා නම් ඔහොම වෙන්නෑ නේ.. (ර)

:       0       0

ඉරේෂ් එස් කුමාර Wednesday, 07 October 2015 07:54 AM

චීන වැඩ ඔහොම්මමයි (ම)

:       0       0

වරුණ Wednesday, 07 October 2015 07:55 AM

මෙඩ් ඉන් චයිනා නේ? (ස)

:       0       0

චමින්ද මානගේ Friday, 09 October 2015 07:13 AM

ලංකාවේඅය දන්නේ අනුන්ව විවේචනය කරන්න. (ර)

:       0       1

ලලිත් Wednesday, 07 October 2015 08:19 AM

හදපු දවසෙම මම කිවුව නේද ගල් පාරක්වත් දුන්නොත් විනාශයි කියල? (බ)

:       0       0

සුදන්ත Thursday, 08 October 2015 07:30 AM

වැඩේ නම් හරිම ලස්සනයි, අලුත් දේවල් කරන්න ඕනි , එත් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. (ර)

:       0       0

සංකල්ප Wednesday, 07 October 2015 12:52 PM

ඇමෙරිකාවත් පාවිච්චි කරන්නේ 'මේඩ් ඉන් චයිනා' තමයි. යුරෝපා රටවල්ද එහෙමමයි. (ර)

:       0       0

චන්දි Wednesday, 07 October 2015 01:00 PM

වානේ, ඕනෑකමින්ම අතහැරියද දන්නේ නැහැ... (ර)

:       0       0

රසාංජන Thursday, 08 October 2015 02:02 AM

ලේ දුන්නට මොලේ දෙන්න බෑ... (ර)

:       0       0

කිත්සිරි Friday, 09 October 2015 04:22 PM

ඕක තමයි අපි කලින්ම කිවුවේ (නි)

:       0       0

සිල්වි Friday, 09 October 2015 04:28 PM

මෙතන චීනෙට බණින අය පොඩ්ඩක් බලන්න ඔයාලගේ පරිගණකය කොහෙද හදලා තියෙන්නේ කියලා (නි)

:       0       0

සංජීව - හොරණ Wednesday, 07 October 2015 08:59 AM

සැබැවින්ම මනස්කාන්ත දර්ශනයක්..(ම)

:       0       0

සාගර Wednesday, 07 October 2015 09:20 AM

අනේ මන්දා, මෙතන පේන කියන කට්ටිය... මගේ නම් ෆෝන් එකත් චීන තමා... ඔච්චර තත්වය හොද නැත්නම් අමෙරිකාවත් මොකද චීනනෙට බය. (ර)

:       0       0

ශානිකා Wednesday, 07 October 2015 01:25 PM

මල නොකන වානේ ජෝගුවක් අරගෙන පාලමේ මොකට ගියාද මන්දා.අය්යෝ චීන සල්ලි (බ)

:       0       0

සාලිත ප්‍රසාද් Wednesday, 07 October 2015 09:22 AM

උඩ කොමෙන්ටුව සැබවින්ම මනස්කාන්ත කොමෙන්ටුවකි . (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 October 2015 02:01 PM

විශ්මිත නිර්මාණයක්. චීනා කලොත් දෙයක් එලම තමයි.(අ)

:       0       0

සුපුන් සමීර Wednesday, 07 October 2015 09:55 AM

සාගරගේ අදහස බුද්ධි ගෝචර යි. (ස)

:       0       0

මංගල Wednesday, 07 October 2015 09:54 AM

මොකද බටහිරට දෙන අය වැඩි නිසා. (ස)

:       0       0

ලලින් Wednesday, 07 October 2015 02:31 PM

ගොඩක් අය චීන බඩු ගැන හරියටම දන්නේ නෑ. චීන බඩු කොලිටි කීපයකට හදනවා. බටහිර රටවලට යන ඒවායේ තත්වය තරමක් හොඳයි. ලංකාවට වගේ එවන්න බාලම ඒවා. (බ)

:       0       0

අබරන් Wednesday, 07 October 2015 10:08 AM

මට නම් ඇමෙරිකාවයි චීනයයි දෙකම එකයි. ඔක්කොම බලාගෙන ඉන්නේ අපිව ගිලින්න. අපි දැනගන්න ඕන තනියම දියුණු වෙන්න. (බ)

:       0       0

හසිත Thursday, 08 October 2015 03:21 PM

අම්මෝ ඔයින් ගියා ඇති.(හේ)

:       0       0

රනජිට්ජ් Friday, 09 October 2015 04:03 AM

චීන බඩු බාල නෑ කොලිටි තුනකට හදනවා. චීනෙට බැනල වැඩක් නැත (ම)

:       0       0

අජිත් කුමාර Wednesday, 07 October 2015 10:17 AM

මේඩින් චයිනා ගැනනම් ගන්න දෙයක් නෑ ඔහොම්ම තමයි (බ)

:       0       0

දුමින්ද Thursday, 08 October 2015 10:25 AM

වැරදි හදා ගෙන ඉදිරියට (ම)

:       0       0

ලලිත් Wednesday, 07 October 2015 04:38 PM

අනිත් එක චිනේ ඔය බඩු හැදුවට මොකද තක්ෂණේ වෙනත් රටවල් වල හැදුව කියල නම ගහපු පලියටම බඩුවේ තාක්ෂණය එරටේ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට නවීන කැමරාවල තියෙන ඔටෝ ෆෝකස් තාක්ෂණය ඇමෙරිකානු හනිවෙල් සමාගමේ තාක්ෂණයක්. පසුව වෙනත් රටවල් වැඩි දියුණු කලාට? අද චිනේ හරිහරියට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර අඩුමුදලට හැදුවට එකත් ඇමෙරිකානු තාක්ෂණයක්. එව්වට තාක්ෂණ අයිතිය වෙනුවෙන් විකුණන හැම කෑල්ලකටම අර සමාගම් වලට ගානක් ගෙවනවා, ලින් මැඩියන්ට ලින්කටෙන් පෙනෙන්නේ සරුංගලේ සහ එකේ ගහල තියෙන නමයි විතරයි. හදපු කෙනයි, යවන කෙනයි පෙනෙන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site