
ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආනයනය සහ ඇමෙරිකාව තුළ විකිණීම තහනම් කිරීමට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මාධ්‍ය හමුවක් පවත්වමින්, ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තු ලේකම්වරිය ජිනා රයිමන්ඩෝ පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇත්තේ චීන සහ රුසියන් ‘ස්මාර්ට්’ මෝටර් රථවල භාවිතයට ගන්නා චීන සහ රුසියන් මෘදුකාංග බවය.
මෝටර් රථ හිමිකරුවන්ගේත්, එම මෝටර් රථවල ගමන් කරන පුද්ගලයන්ගේත් පුද්ගලික දත්ත එකතු කිරීම මෙම මෘදුකාංග හරහා සිදුවන බව ජිනා රයිමන්ඩෝ මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd