
කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි.
ගෝලීය සහ කලාපීය දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සහ ගෝලීය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, ෂැංග්හයි සමුළුවේදී පමණක් නොව, ජනාධිපති ජින්පින් සහ පුටින් අතරේ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ලෝක සාමයට ඇමෙරිකාව ඇතුළු රටවල් බාධාවක් වෙද්දී, ඊට විරෝධය දැක්වීමට රුසියාවට චීනයේ සහාය හිමිවීම ප්‍රසංශනීය යැයි චීන ජනාධිපති ජින්පින්, රුසියන් ජනාධිපති පුටින් හමුවේ පැහැදිලි කළ බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd