චීනය රෝබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑම අද (15) සිදුවිය. චීනය අඟහරු මතුපිටට යානයන් යැවූ කළ පළමු අවස්ථාව මෙයයි.
‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම යානය, රොබෝ රෝවර් යානයකි. ‘ෂුරොංග්’ රෝවර් යානය සම්බන්ධ කර තිබුණේ ‘ටියැංවෙන් 1’ නමැති යානයටය. චීනය ඔවුන්ගේම රොකට්ටුවක් ආධාරයෙන්, ‘වෙංචෙංග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ‘ටියැංවෙන් 1’ අභ්‍යවකාශයට තල්ලු කර යැවුණේ 2020 ජූලි 23 වැනිදාය.
රොකට්ටුවෙන් වෙන්වුණු ‘ටියැංවෙන් 1’යානය පසුගිය පෙබරවාරි 10 වැනිදා අඟහරුගේ කක්ෂයට පිවිසියේය. එය එදා සිට මේ දක්වා අඟහරු කක්ෂයේ රැඳී සිටියේ සුදුසු වෙලාවක් බලා ‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතු පිටට යැවීමටය. එය සිදුවූයේ අද (15) දිනයේය.
‘ටියැංවෙන් 1’යානය අඟහරු කක්ෂයේ චන්ද්‍රිකාවක් ලෙස රැඳී සිටිනු ඇත. අඟහරු මතුපිට සිට ‘ෂුරොංග්’ රෝවර් යානය චීන විද්‍යාඥයන්ට යවන දත්ත සහ ඡායාරූප සංඥා පෘථිවියට යැවෙන්නේ, ‘ටියැංවෙන් 1’යානය හරහාය. ‘ෂුරොංග්’ රෝවර් යානය ගොඩබෑම සිදුවූයේ ‘උටෝපියා ප්ලැනිටියා’ යන නමින් විද්‍යාඥයන් නම් කර ඇති අඟහරුගේ ද්‍රෝණියටය.
මෙම සානුවේ රතු පස් තට්ටුවට යටින් අයිස් තට්ටුවක් ඇති බවට විශ්වාස කෙරේ. ද්‍රෝණියේ පස් සහ එම අයිස් සාම්පල පරීක්ෂා කරමින්, අතීතයේ අඟහරු මතුපිට ජීවීන් සිටියේ ද යන්න තහවුරු කර ගැනීම ‘ෂුරොංග්’ රෝවර් යානයේ අරමුණ බව චීන විද්‍යාඥයෝ පවසති.
‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතට ගොඩබෑම ඉතා සංකීර්ණ මෙන්ම අසීරු මෙහෙයුමක් විය. ඒ, පෘථිවියේ සිට යැවෙන පණිවුඩ සහ උපදෙස්, යානයට ලැබෙන්නේ මිනිත්තු 7 ක් ගතවීමෙන් පසුව වීමය. 1976 වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු ගවේෂණයට යැවූ ‘වයිකිං 2’ රොබෝ යානය පතිත කළේ ද ‘උටෝපියා ප්ලැනිටියා’ ද්‍රෝණියටය.
‘ෂුරොංග්’ රෝවර් යානයට අති නවීන කැමරා පද්ධතියක් අයත් වෙයි. ඊට අමතරව, සංවේදක රැසකින් ද රෝවර් යානය සමන්විත වෙයි. අඟහරු මත ඛනිජ ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකි ලෙස මෙම කැමරා පද්ධතිය සකසා තිබේ. කැමරා පද්ධතියට අයත් තවත් කැමරා දෙකකින්, අඟහරු මතුපිට ඡායාරූප ගැනීම සිදු කෙරේ.
පසුගිය 2020 වසරේ ජූලි මාසයේ අඟහරු ග්‍රහයා, පෘථිවියට ළංව පිහිටියේය. ඒ අනුව, චීන අභ්‍යවකාශ ආයතනය පමණක් නොව, ඇමෙරිකාවේ නාසා ආයතනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ ආයතනයත් පෙර සැලැසුම්වලට අනුව යමින්, ගවේෂණ යානා අඟහරු වෙත යැවීම සිදු කළේය.
එසේ යැවුණු රොබෝ යානා තුන ඉකුත් 2021 පෙබරවරි මාසයේ අඟහරු වෙත පැමිණියේය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන හරහා අඟහරු වෙත යැවුවේ ‘අමල්’ නමැති රොබෝ යානයයි. ‘අමල්’ කක්ෂීය ගවේෂණ යානයකි. ‘අමල්’ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පෙබරවාරි 9 වැනිදාය.
ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවුයේ ‘පර්සිවියරන්ස්’ නමැති රොබෝ යානයයි. මෙය ද රෝවර් යානයකි. ‘පර්සිවියරන්ස්’ පෙබරවාරි 18 වැනිදා අඟහරු මතට ගොඩබෑවේය. ‘පර්සිවියරන්ස්’ රෝවර් යානයට සම්බන්ධ කරමින්, නාසා විද්‍යාඥයන් කුඩා හෙලිකොප්ටර් යානයක් ද අඟහරු යැවීය. පෘථිවියෙන් අඟහරු ගිය පළමු හෙලිකොප්ටරය මෙයයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන රොබෝ යානය අඟහරු මතට
Bandara Saturday, 15 May 2021 06:48 PM
ඕන එකක් කරගන්න... ලෝකෙ අනික් මිනිස්සුන්ගේ ඔලුගෙඩිවලට පතබාවන්නේ නැතිව...
ranjith Sunday, 16 May 2021 01:39 AM
ලෝකේ මොන තරම් ළමයින් බඩගින්නේ ඉන්නවද.?
Sam Sunday, 16 May 2021 03:35 AM
වෙනත් ග්‍රහලෝක තරණය කරන්න කලින්, පරිසර දූෂණය නිසා විනාශ වෙමින් පවතින පෘථිවිය රැකගත්තොත් හොඳයි...!
jagath Sunday, 16 May 2021 04:33 AM
අපේ එක්කෙනා යවපු එක දැන් කොහේ ඇතිද.?
විපරමා Sunday, 16 May 2021 07:57 AM
අපරාදේ, අපි හිතාගෙන උන්නේ මැදමූලනේ පැත්තට වත් බස්සවයි කියලා... ?