IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන යානය ගිනි තියන්න බැරිවේ

චීනයේ ටයිසු සිට ගුවැන්ග්සු බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක සිටි මගියෙකු යානයට ගිනි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යානයේ සිටි අනෙක් මගීහුද කාර්යමණ්ඩල සේවකයෝද සමත්වූහ.

යානය ගොඩබැස්වීමට ආසන්නවත්ම ගුවන්සේවිකාවන්ගේ අවවාද නොතකා තම ආසන පටි මුදාහැර ආසනයෙන් නැගිට සිටි ඔහු සගවාගෙන සිටි බඳුනක තිබූ පෙට‍්‍රල් ආසනය මත වත්කර ගිනි දල්වා ඇත.

යානයේ අනෙක් ආසන වලටද පෙට‍්‍රල් ඉසීමට ඔහු උත්සාහ කර ඇතත් ඊට පෙර ඔහු වෙත කඩාපැන ඇති අසළ සිටි මගීන් ඔහු යටත් කරගෙන තිබේ. අනතුරුව ජලය ඉස ගින්න නිවා දැමීමට ඔවුන් කටයුතු කර ඇත.

ගුවන්යානය ගොඩබැස්වූ වහාම ඊට ගොඩවූ පොලිස් නිලධාරීන් එම මගියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර ඔහු එසේ හැසිරීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණයව නොමැත. හදිසියේවත් ගින්නක් ඇතිවුනි නම් මහා විනාශයක් විය හැකිව තිබුණු බව පොලිසිය කියයි.

පෙට‍්‍රල් පිරවූ බදුනක් රැගෙන මගියකුට ගුවන්යානට ගොඩවීමට ඉඩදීම සම්බන්ධයෙන් ටයිසු ගුවන්තොටුපල ආරක්ෂක නිළධාරීන්ව චීන මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

2ADAAB1700000578-3175025-image-a-2_1437914034272



අදහස් (0)

චීන යානය ගිනි තියන්න බැරිවේ

රවී Friday, 31 July 2015 04:17 AM

අසාමාන්‍යයයි. නමුත් ගුවන් මගීන් වාසනාවන්තයි (නදී)

:       0       0

ශාන්ත - කටාර් Tuesday, 28 July 2015 05:33 PM

එක තමා අපේ මුතුන් මිත්තෝ කියන්නේ කොන්දේ බැදපු චීන්නු කියල , කොයි තරම් දියුණු වුණත් මේ ගොල්ලන්ගේ ගති අරින්න අමාරුයි.(ම)

:       0       0

විජිත් Wednesday, 29 July 2015 10:28 AM

මොන රටේ උනත් කමක් නැහැ, එලියට ගත්ත ගමන්ම වෙඩි තියන්නයි වටින්නේ. (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 28 July 2015 05:46 PM

හෙට අනිද්දා මළ කඳ තියේවි ඔය මිනිහගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site