තම යුද නැව් වලට වත්මන් ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකා වරායන්ගේ දොර වැසී ඇති හෙයින් ඒ වෙනුවට පකිස්තානයේ ග්වාදාර් වරාය තෝරාගැනීමට චීනය සැරසේ.
ග්වාදාර් වරාය සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර පකිස්තානය හා චීනය යා කරමින් වෙළද මාවතක් ඇති කිරීමද මෙම වරාය සංවර්ධනය කිරීමේ එක් අරමුණකි.
කෙසේ වුවත් ග්වදාර් වරාය පිහිටි ප‍්‍රදේශයේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලූ, ගොඩනැගිලි සම්බන්ධ ගැටලූ හා ප‍්‍රධාන කොටම අවිගත් කණ්ඩායම් වලින් එල්ල වන ප‍්‍රහාරයන් ගැන සැළකිලිමත් වීමට චීනයට සිදුව තිබේ.
කල්ගත විය හැකිවුවත් මෙම බාධක ජයගැනීම ගැටලූවක් නොවන බව චීන විශේෂඥයින්ගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසික ඔයා නම් හරියටම හරි ඉන්දියාව කවදාවත්ම අපේ අවංක මිතුරෙක් උනේ නැහැ නමුත් චීනය එහෙම නෙමෙයි ඔවුන් උදව් කළේ අවංකව ( මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මේ රට චීන්නුන්ට ලියලදෙන්න ඕන කියල ) (බ)
චීනයෙන් ඈත්වෙන තරමට හොඳයි. චීනය කියන්නේ දූශිත ඒකාධිපති රටක්. ඉන්දියාව හෝ බටහිර වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් චීනයේ නැහැ. අපි එක්විය යුත්තේ ඇමරිකාව,යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි දියුණු, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟයි. (නි)
රසිකා , චීනෙට ළංවීමේ විපාක දැනෙන්න තිබුනා තවත් අරයා බලයේ හිටියා නම්. දැනටමත් ලංකාව චීනෙට ණය (වාණිජ බැංකු වලින් ගත් ණය 8% පොලියට ) වෙලා තිබෙන හැටි දැක්කහම මොළේ තියෙන කෙනෙක්ට ඒක හොඳටම තේරුම් යනවා (නි)
රසික කියන්නේ ඇත්ත. ඉන්දියාව කවදත් ලංකාවට හොඳක් කරන්න කැමති රටක් නොවේ. චීනය කවදත් ලංකාවට අවංකව උපකාර කරපු රටක්. (නි)
අනුරුද්දගේ කතාව හරියට හරි. අපේ සමහර වාමාංශික අය කියුබාව ගැන කතාකරන්නෙත් ඒ වගේ (නි)
ඇමරිකාවත් යුරෝපයත් දැන් චීනයට ණයවෙලා ඉන්නේ. තව අවුරුදු 5 ක් යන්න පෙර චීනය ලෝක බලවතා වෙනවා. ඇමරිකාවට යුරෝපයට කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. හැම විටම අපි බලන්න ඕනේ බලවත් ජාතිය සමග හොදින් ඉන්න. ඒ කියන්නේ රට චීනයට විකුනන එක නෙමෙයි. (බ)
ජයලත්, චීනයට අවශ්‍ය එයාලගේ වෙළඳ මාර්ගය නිරුපද්‍රිතව සකසා ගන්න. ඉන් හුවමාරුවට ඒ ඒ රටවල සංවර්ධනයට දායක වෙනවා. එය දශක ගණනාවක සැලසුමක්. ඉන්දියාවට තියෙන්නේ එයාලගේ වෙළඳපොල සහ අධිකාරිත්වය ගැන ගැටළු පමණි, සහ චීනයේ නැගිටීම ගැන හීන මානයක්. හොදින් මතක තබා ගන්න, ඉන්දියාව කිසි දිනක ලංකාවේ ආර්ථික වර්දනය ඉවසන්නේ නැහැ. මොකද ලංකාව් ඉන්දියාවේ කුණු ගොඩවල් විකුන්නන්න තියන හොඳම වෙළඳපොළ. නුතන උදාහරණ වලට ගත්තොත්, යේමනයේ ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමත් ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. චීනයයි ඉදිරිපත් උනේ. (බ)
ඉන්දියාව ලංකාවේ නිෂ්පාදන කඩාකප්පල් කළ ඉන්දියන් ජරාව ගෙනල්ලා තේ නිෂ්පාදනය බංකොලොත් කළා ඉන්දියන් සමාගම් හරහා තේ වතු මිලදීගෙන. කැළණි ටයර් සමාගම සහ මුලින්ම ඉන්දියන් කළා. කලක් සුව පහසුව තිබුණි ලංකාවේ ජපන් බස් දුර ගමන් සේවාව විනාශ කළා. ඉන්දියන් බස් දාලා පාරවල් විනාශ කළා ත්‍රීවීල් ගෙනල්ලා සංස්කෘතිය , මනස වීනාශ කළා ජරා ඉන්දියන් රුපවාහිනී නාට්‍ය ගෙනල්ලා මත්තල සහ පොර්ට් සිටි, හෝටල් සංවර්ධන ව්‍යපෘති නතර කරලා ඒවායින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු වන නිසා . ලංකාවේ මිනිසුන් වඳවීගෙන යන පරම්පරාවක් වෙලා. (බ)
සමහර අය චීන්නු ගැන කතා කරන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. දැන් ඔය කට්ටියගෙන් චීනයට ගිහින් තිබෙන, චීන්නු එක්ක වැඩකරලා තිබෙන කීදෙනෙක් ඉන්නවද? චීනය ටීවී එකේ විතරක් දැකපු අය කීදෙනෙක් ඉන්නවද ? (නි)
දැන් පේනවා යහපාලනයේ තියෙන දන උල්පත්. සම්පත් නැතිවේගන යනවා. (නදී)
චීනේ අපිට උදව් කලේ අද ඊයේ නොවේ......බණ්ඩාරනායක ...මැතිනිය ...ඉන්න දවස් වලත් ඊට පසුවත් උදව් කළා ...චීන යුද නැව් කීයක් නම් නාවික හමුදාවට දීල තිබුනද? ...එදා ඉඳල එහෙම අදහස් තිබුනානම් දැනටමත් පැත්තක් චීනේ අරන් ඉවරය් ....සොපීට තිබුන මොලේ සංජීවට තිබුන නම්????එත් සංජීව සංජයගෙන් වත් නොදන්නාදේ අහගන්න ලජ්ජවෙන්නේ නැතුව....ඕවට බෙහෙත් නෑ...(ස)
චීනය නරක වෙන්නේ කොහොමද නිපුන්. අපිට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී අපේ සහයට හිටියේ චීනය රුසියාව. ඔය කියන යුරෝපය වත් ඇමරිකාව වත් නෙවේ. කොහොමත් ඇමෙරිකාව ලෝකයේ මොන රටකට වත් දුන්න දෙයක් නැහැ විනාශ කරා මිසක් (නදී)
අපිට හොඳ නායකයෙක් අවශ්‍යයි (නි)
මටත් කියන්න තියෙන්නේ රටට ජාතියට ඇත්ත වශයෙන්ම ආදරය කරන ජන නායකයෙකුත්,රටට ජනතාවට ඇත්ත පහදා දෙන බෞද්ද භික්ෂුන් වහන්සේලාත් ලැබේවා යන්න පමණි. නමුත් එය සිදු වේවිද?(නදී)
අනුරුද්ද, ප්‍රදීප්, චීනයේ මිනිස්සු කරන්නේ මොනවද කියල අපිට වැදගත් නැහැ. වැදගත් වෙන්නේ චීන රජයේ අන්තර්ජාතික වැඩපිළිවෙලින් ලංකාවේ සංවර්දනයට දායක කරගත හැකි ක්‍රමවේද ගැන. සංජීව, ඔයා හිතන විදිහට 8% පොලියද හොඳ 12.5% භාණ්ඩාගාර බිල්පත්ද? චීනය ලංකාවේ බොහොමයක් සංවර්දන ව්‍යපෘති කලේ ඒ ව්‍යපෘති වලින් ඒ අය පරිබෝජනය කරන කාලයෙන් කැපී යන විදිහට. උදා: හම්බන්තොට වරාය චීන නාවික යාත්‍රාවලට අවුරුදු 20 යනකන් මුදල් ගෙව්ව්මක් නැහැ. ඒ වෙනුවෙන් ලංකාවට වරාය හදන්නේ ලංකාවෙන් ආයෝජනයක් නැතුව. පොර්ට් සිටි එකත් ඒ වගේ. කියවන්න : http://www.automotivelogisticsmagazine.com/intelligence/the-unexpected-rise-of-hambantota-port
දැන් ඉතින් අපිට වෙන්නේ ඉන්දියාවේ කොළනියක් වෙන්න තමයි (නි)
චීනා හපනා! (නි)
ඔය මහා ලොකුයි කියන රටවල් අපිව සුරාකන්න මිසක් වෙනදේකට ළංවෙන්නේ නැහැ. (නි)
අතට ආපු වාසනාව කටට ඔබාගන්න පින් කරලා නැහැනේ (නි)
චීනය ළංකර ගත්තාට කමක් නැහැ. ඉන්දියාවට වැඩිය හොඳයි (නි)
චීනය අතහැර ඉන්දියාව තෝරාගැනීමේ විපාක ඉදිරියේදී ලංකාවටත් දැක ගැනීමට පුළුවන්. (නි)