ලක්ෂ 10 කට අධික මීමැස්සන් සංඛ්‍යාවක් තම සිරුරේ රදවාගත් චීන ජාතිකයෙක් මීමැස්සන් වැඩිම ගණනක් තම සිරුරේ රදවාගත් පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.ඔහු මීමැසි  ගොවිපළක හිමිකරුවෙකි.

ගාවෝ බින්ගුවෝ නම් මේ පුද්ගලයා වාසය කරන්නේ චීනයේ ෂැන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ ටයියාන් ප‍්‍රදේශයේය.මීමැස්සන් පිළිබඳ ඔහුගේ දැනුමත්,විසල් මීමැසි ගොවිපළත් නිසාම ඔහු අසල්වාසීන් අතර හැදින්වෙන්නේ මීමැසි රජු ලෙසටය.

මීමැස්සන් තමන්ගේ සිරුරට ආකර්ෂණය කරගනු වස් ගාවෝ මීමැසි රැජිණියන් දස දෙනෙකු තම සිරුරේ රදවාගැනීමට මුලින්ම කටයුතු කළේය.නිමේෂයකින් ඔහුගේ සිරුර මීමැස්සන්ගෙන් වැසී ගියේය.පොදියක් මෙන් පෙනුණූ මීමැසි රංචුව යටින් මිනිසෙකු සිටින බව හදුනාගැනීමට තිබුණු එකම සළකුණ වූයේ ගාවෝ තම මුවේ රදවාගෙන සිටි දුම්වැටියයි.

ගාවෝ මීමැස්සන්ගෙන් වැසී ගිය පසු ඔහුගේ බර කිරීම සිදුවුණු අතර එයින් ලබාගත් අගයෙන් ගාවෝගේ සිරුරේ කිලෝ 110 කට ආසන්න මීමැස්සන් ප‍්‍රමාණයක් රැදී සිටින බව සොයාගැනීමට හැකිවිය. මීමැස්සන් කිලෝග්‍රෑමයක මැස්සන් දසදහසක් පමණ සිටිතැයි සැළකෙන අතර ඒ අනුව ගාවෝගේ සිරුරේ වසා සිටි මුළු මීමැස්සන් සංඛ්‍යාව ලක්ෂ 10 කට ආසන්නයැයි නිගමනය කෙරුණි.

මින් පෙර වාර්තාව පිහිටුවා තිබුණේ කිලෝග්‍රෑමයක 85 ක් බැරැති මීමැස්සන් තොගයක් සිරුරේ රදවාගෙන සිටි පුද්ගලයෙකි.

වාර්තාව පිහිටුවන අතරතුරේදී ගාවෝ 2000 වතාවක් පමණ මීමැස්න්ගේ දෂ්ඨ කිරීම් වලට ලක්විය.අවසානයේ මීමැස්සන් පළවාහැර ගාවෝට වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සිදුවුණු අතර ඒ වන විට ඔහුගේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියන් අංශක 60 ක් වැනි භයානක අගයක් දක්වා ඉහළ නැග තිබුණි.

නමුත් කිසිත් වෙනසක් නොපෙන්වූ ගාවෝ සිටියේ ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකිවීම නිසා උපන් සතුටෙන් උදම්වීය.

291458DC00000578-0-image-m-11_1432640297045 291458E500000578-0-image-a-2_1432640194714 291458ED00000578-0-image-m-8_1432640247007 291458FF00000578-0-image-a-15_1432640378359 2914593B00000578-0-image-a-17_1432640394529