චීනයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක වැසිකිළි බටයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට චීන සහන සේවකයෝ සමත්වූහ.
වැසිකිළියේදී දරු උපත සිදුකර ඇති දරුවාගේ මව දරුවා මරණයට පත්කිරීමේ අරමුණින් දරුවාව වැසිකිළි පෝච්චියට දමා සෝදා හරින්නට ඇතැයි සැක කෙරේ.
තම වැසිකිළි කාමර වලින් නැගෙන්නට වූ බිළිදෙකුගේ හැඬක් හඬක් අසා විමසිලිමත් වූ විශ්වවිද්‍යාල සිසුන් ඒ සම්බන්ධයෙන් බළධාරීන් දැනුම්වත් කිරීමත් සමග පැමිණි සහන සේවකයින්ට ගොඩනැගිල්ලේ සිව්වැනි හා තෙවැනි මහල් සම්බන්ධ කරන වැසිකිළි බටයේ බිළිඳා සිරව සිටින බව සොයාගැනීමට හැකිවිය.
බටය කපා බිළිදා පිටතට ගනු ලැබුණි.
බටයේ සිරවී සිටියද බිළිදා ජීවතුන් අතර සිටීම ප්‍රාතිහාර්යයක් බඳු යැයි සහන සේවකයෝ මෙන්ම සිසුහුද කීහ.
දරුවාගේ මව යැයි සැකකෙරෙන විශ්වවිද්‍යාලයේම සිසුවියක අත්අඩංගුවටද ගෙන ඇත.
දරුවා මෙන්ම ඇයද වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහනකොට අම්මා මතක් වෙනවා (නදී)
මේවා නම් ලෝකය විනාශ වෙනවා වගේම ලෝක අපරාද ? (නදී)
දෙවියනි, ඔබ මෙලොව පුදුමයි (නදී)
තරුණ ගැහැණු ළමයි මේවා හිතටගන්න. (නි)
මිනිසත්කම පිරිහෙන එකයි මෙයින් අපිට පේන්නේ. (නදී)
මේ වගේ අම්මලට යන්න වෙනම අපායක් හදන්න ඕනේ (නදී)
මීට පෙරත් මේ වගේම ප්‍රවෘත්තියක් චීනයෙන් අහන්න ලැබුණා. අපේ රටේ සමහර අම්මල එහෙම නැහැ (නදී)
අපේ රටේ අම්මලා නම් මෙහෙම බට වලට ළමයි බස්සලා අපරාද කරන්නේ නැහැ. දැක්කනේ ඊයේ පෙරේදා වගා ළිදකට එහෙම පිටින් දරු පැටියෙක්ව දාලා තිබුනා (නදී)
මේවා ලංකාවේ අම්මලත් පාඩමට ගන්න ඕනේ (නදී)