බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක දී ඉන්නා චීන ජනාධිපති ශී ජින්පින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තම ගමේ පිහිටි ඔහුගේ ප්‍රියතම තැබෑරුමකට ගෙන ගියේය.
අගමැති චීන ජනපති වරයාට ඉංග්‍රීසින්ගේ ප්‍රියතම ආහාරය වන "ෆිෂ් ඇන්ඩ් චිප්ස්" නමින් සුප්‍රකට රසබර බැදපු මාළු සහ අලපෙති සමඟ බීර වීදුරුවකින් සංග්‍රහ කළේය.
" පබ්" නමින් හැඳින්වෙන බීම හල එංගලන්තය පුරාම ඇත. ඉංග්‍රීසින් තම හිත මිතුරන් සමඟ පොඩි අඩියක් ගැසීමටත් අල පෙති සහ බැදපු මාළු මෙන්ම වෙනත් සුලභ ආහාර වේලක් ගැනීමටත් නිරන්තරයෙන් යන්නේ මෙවන් අවන් හල් වෙතය.
ඉංග්‍රීසි කාරයින්ගේ දෛනික දිවිපෙවෙතේ සම්ප්‍රදායික මෙන්ම වැදගත්වූ අංගයක් පිළිඹිඹු කරන "පබ්" එකකදී ලබාගත හැකි සුවිශේෂි මෙන්ම ඉංග්‍රීසින්ට ආවේනික අත්දැකීමක් චීන ජනපති ලබාදීමට තමන්ට වුවමනා වු බව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය අගමැති පැවසුවේය.
" පබ්" එකේදී රටේ අගමැති හා මහපාර අතුගාන කම්කරුවාත් සමානාත්මතාවයකින් සළකනු ලබයි. බලය හෝ ධනවත්කමට පිළිගැනීමක් නැත. සියල්ලටම ලැබෙන්නේ සම තැනකි. රටේ අගමැති නිවාඩුවක් ඇති හැම අවස්ථාවකම " පබ්" එකට යාමට ප්‍රිය කරයි. තරගකාරී රැකියාවක යෙදි සිටීමෙන් ඇතිවන මානසික ආතතිය හලා දැමීමටද අවස්ථාවක් ලැබෙයි.
චීනයේ නැති සමාජවාදයක් ඉංග්‍රීසින්ගේ ඇති බවක් මේ මඟින් පෙන්වා දීමට කැමරන් කපටි උත්සාහයක් ගත්තාවත් දැයි මේගැන සමහරු අර්ථ කථනය කර තිබුණි.
බීර වීදුරුව සහ බැදපු මාළු කෑම " රසවත්" බව චීන ජනපති පැවසීය. මේ අවස්ථාවට විදේශ ඇමති පිලිප් හැමන්ඩ් ද සහභාගී විය. බිමහල පිහිටියේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ගමේ ගෙදරට සැතපුම් දෙකක් වැනි කෙටි දුරකිනි. කැමරන් අවන්හලට නිරන්තරයෙන් පැමිණෙන " වැදගත් පාරිභෝගිකයකු" බව අවන්හලේ අයිතිකරු පැවසීය.
අගමැති සහ චීන ජනපති අවන්හලේ සිටි අනෙකුත් අය සමඟ සුහදව කතා බස් කළහ.
අවන්හලෙන් පිටවීමට කලින් "බෙයිජින් නුවර සාමාන්‍ය අවන්හලකදී රසවත් ආහාර වේලක් රසවිඳි අවස්ථාවක් සිහිපත්වූ බව" චීන ජනාධිපති පැවසුවේය.
කැමරන්ගේ බිරිඳ, තමන්ගේ ගෙදරට පැමිණි චීන ජනපති බිරිඳට රුපියල් ලක්ෂ එක හමාරක අත් බෑගයක් තෑගිදුන් බවද එම ඇගේ පෞද්ගලික ගිනුමෙන් වැය කැරිණි. චීන ජනපතිගේ රාත්‍රී ආහාර වේල කැමරුන්ගේ නිවසේදී පිළිගැන්විණි.
![Camoran_2[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Camoran_21-Copy.jpg)
![CAMORAN_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/CAMORAN_31.jpg)
![Camoran_4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Camoran_41.jpg)
![CAMORAN_5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/CAMORAN_51.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ ගමක වුණා නම් අපේ දේශපාලකයෝ කී දෙනෙක් මෙයාලා වටකරගෙන කෑගහයිද? (නි)
ඔය දිලිප් කියන කියන බටහිර කොහෙද තියෙන්නේ? මම ජීවත්වෙන්නේ ඇමරිකාවේ. නාමල් කියන දේ ඇත්ත.චීන ආර්ථිකයම දුවන්නේ මයික්‍රොසොෆ්ට්, ඇපල්, ජීඑම් වගේ ඇමරිකානු සමාගම් නිසා. ඔබ කියන දේවලට සංඛ්‍යා ලේඛන දෙන්න පුලුවන්ද? ලෝකයේ ප්‍රධාන හෙවත් 'ෆෝචූන්500' සමාගම් වලින් චීනයට අයත් 20 වත් නැහැ. අන්තර්ජාලයේ හොයලා බලන්න. ඔබ කියන අප්‍රිකානු රටවල ඇති චීන ආයෝජන වලට වඩා ඇමරිකාවට චීනය තුළ විතරක් ආයෝජන තිබෙනවා. බටහිර විරෝධය පැත්තකින් තියන්න. ඒකාධිපතිවාදයට වැඩිදුර යන්න බැහැ (නි)
ඒ මිනිස්සු ගෙවන්නේ හරිම සරල ජීවිතයක් (නි)
නුවන් මට ඕගොල්ලෝ වගේ මිනිස්සු ගැන පුදුම දුකක් තියෙන්නේ. ඇපල් , මයික්‍රොසොෆ්ට් ඇමරිකන් කම්පැනි උනාට , උන්ගේ ලොකුම වෙළද පල තියෙන්නේ කොහෙද , ආසියාවෙද , යුරෝපේද ? නැහැ පසුගිය දශකය ඇතුලේ චීනේ මද්‍ය පාන්තික ජනගහනය බිලියන ගණනකින් ඉහල ගිහිල්ලා , ලෝකේ ලොකුම නිෂ්පාදකයා , වගේම චීනේ කියන්නේ ලෝකේ විශාලම පරිබෝගිකයා .ඔය කියන ඔක්කොම ඇමරිකන් කොම්පැනි වහන්න පුළුවන් චීනය තම දොරටු එම කම්පැනි වලට වැහුවොත් . කියමනට දැන් ඇමරිකානුවෝ කියන්නේ තමන්ගේ රටට අයිති එකම දේ "බියර් සහ ගණිකා මඩම් ටික " විතරයි කියලා . ඇමරිකාව කොයිතරම් ලෝකෙට ණයද කියනවනම් තමන්ගේ ජාතික අදායමෙන් 80% වැඩියෙන් ණය වාරික ගෙවන බව නුවන් දන්නවද . හොදම උදාහරණය , ලෝකේ ලොකුම හරක් මස් නිෂ්පාදකයෙක් වෙන ඔස්ට්‍රලියාවේ ලොකුම පරිබෝගිකයා චීනය . පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බලාගන්න කොයිතරම් ඇමරිකානු ආයතන චීනය අත්පත් කරගෙන තියෙනවද කියලා . ඒ වගේම ලෝකේ ලොකුම බැංකු දහයෙන් පහක්ම අයිති චීනෙට . http://money.cnn.com/interactive/economy/chinese-acquisitions-us-companies/ අනික කවද ඉදලද චීනේ එකාදිපති රටක් උනේ .(රේ)
ආප්ප එහෙමනම් දෙන්න එපා හොඳේ! (නි)
මට මතක් වුණා දැනට අවරුදු 2 කට විතර උඩදී වූ සිද්ධියක් අම්බලන්ගොඩ මගේ යාලුවෙකුගේ ගෙදරට කිලෝමීටරයක් විතර දුරක තිබුණ පන්සලක උත්සවයකට මහින්ද මහත්මය අපු දවසක මම එහෙ යනකොට පාරවල් පුරවල ජනපති ආරක්ෂකයෝ , අපි දවල් නගරයට ගිහින් එනකොට ජනාධිපති ආරක්ෂක අංශය ගෙදර දොර කඩන්න හදනවා ඒගොල්ලන්ට ඕනෙලු ගෙදර චෙච්ක් කරන්න , ගෙදර දොර ඇරලා දෙන ගමන් යාළුවා කිවුවා ඔච්චර බයනම් එන්නේ මොකටද කියල , මෙහෙනම් එහෙම කරදර නැහැ වගේ , (අ)
දිලිප් ආර්තිකය ගැන ඉගෙනගෙන එන්න... ලෝකයේ ලොකුම වෙලදපොල චීනය නොවේ... ආසියාවයි.. එතෙන්ට මැදපෙරදිග ඉදන් ඉන්දියාව හා ගිනිකොන ආසියාව වෙනකම් සියලු රටවල් අයිතිති.. චීනය ඇමරිකන් සමාගම්වලට දොරවල් වැහැව්වොත් ඇමරිකානු සමාගම්වල ලාභය පහලයයි, ඊට පස්සේ ඔවුන් ඉන්දියාව, ඉන්දුනීසියාව හෝ අප්‍රිකාව වගේ රටක කර්මාන්තශාලා අරියි.. ( චීනයේ ජීවන වියදම ඉහල යෑමත් එක්ක ඒක දැන් වෙමින් තිබෙනවා ) ඒත් චීන්නු රස්සා නැතිව කන්න නැතුව මැරෙනවා... කොහොමත් චීනයේ ආර්තික වර්ධන වේගය පවා දැන් පසුබසිනවා ... ඔබ චීනයේ දුප්පත්කම ගැන දන්නවාද? හිතාගෙන ඉන්නේ චීනය මාර ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලද? ඔබ ඇමරිකාවේ චීන ණය ගැන කියා ඇති දේවලින් පේන්නේ ඔබ බැදුම්කර හා ණයවල වෙනස වත් නොදන්න කවදාවත් බටහිර රටක ජීවත්වී නැති බටහිර විරෝදියෙක් වගේ.....(රේ)
මෙයාල චීන ජනාධිපති ට වැන්දේ නැති ටික විතරයි . පුදුම සැලකීමක් .මොකද ආර්ථික ආයෝජන. චීනය නැත්නම් අද එංගලන්තයට , ඇමරිකාවට වෙන දේ හිතා ගන්නත් බැහැ. ඒකට අපේ රටේ මෝඩ දේශපාලකයෝ චීනයෙන් ආර්ථික වාසි ගන්නේ නැතුව තමන්ගේ මිනිස්සුන්ට වැසිකියක් වත් හදන්න බැරි ඉන්දියාව පස්සේ යන්නව .(රේ)
මම චීනයේ සංචාරය කර තියෙනවා. බොහෝ නඟර වල විශාල නව ගොඩනැඟිලි ඉදිවී තිබෙන බව දුටුවා. නමුත් ඒවායින් වැඩිහරියක් හිස් බවයි අපගේ චීන ජාතික මඟ පෙන්වන්නා කිවේ.නඟරයෙන් පිට ගියහම දකින්නට වැඩි දෙනෙක් ඉන්නේ දුප්පත් මිනිස්සු බවයි අප දුටුවේ. යුරෝපයේ වගේ මුළු රටේම දියුණුවක් අප දුටුවේ නැහැ. එහි අධිවේගී දුම්රියේ අපිගියා. රේල් පිල්ලේ අබලන් තත්වය නිසා එය ගමන් කලේ සාමාන්‍ය වෙගයෙනුයි. ජපානයේ අධිවේග දුම්රියේ අපි ගමන් කර තියෙනවා. චීන අධිවේගී දුම්රිය ඒ අහලකින්වත් තියන්න බැහැ...(රේ)
ආර්ථිකය ඉගෙන ගන්න ඔබ ලගට එන්න , එහෙනම් මම පහුගිය අවුරුදු 15 ම ඉදලා වැරදි වෘතියක මගේ රැකියාව මොකක්ද කියලා , පොදු මධ්‍යක සදහන් කරන්න උවමනා නැහැ . මගේ බටහිර විරෝධය කොහෝ වෙතත් , සුදු හම සම්බන්ධයෙන් බොහොමයක් ලාංකිකයන්ට ඇති පර ගැති බවනම් ඔබටත් ' අඩුවක් නැතිව තිබෙන බව පේනවා . 2020 වෙනකොට ලෝකයේ අංක එකේ ආරථික බලවතා වෙන බව මුළු ලෝකයම පිළිගනිද්දී ඔබ වැනි ලාංකිකයන් තවමත් ඔය විදියට හැසිරෙන්නේ එකයි . ලෝකේ ලොකුම ජනගහනය ඇති චීනයේ මිනිසුන් බඩගින්නේ මැරෙන බව ඔබ සදහන් කරනවා ,එම ජනගහනයෙන් බාගයක්වත් නැති ඇමරිකාවේ දරිද්‍රතාවයේ තරම ඔබ දන්නවද .2015 වෙන කොට ජනගහනයෙන් 15%. බැදුම්කර සහ ණය අතර වෙනස කෙසේ වෙතත් තම දළ ජාතික අදායමෙන් 103% (2014)ණය සහ වාරික ගෙවන රටක් ,ආර්ථික වශයෙන් යහපත් ලෙස දකින්න ,ආර්ථිකය කලමනාකරණය පිළිබද මුලික දැනුමක්වත් ඇති අයෙකුටනම් පුළුවන් කමක් නැහැ . , තම ණය වාරික ගෙවා ගැනීම සදහා ණය ගැනීමට මාස කීපයකට පෙර ඔබාමා ආණ්ඩුව , කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරියේ බැගපත් උන හැටි ඔබට මතක නැත්නම් හොයා බලන්න . මේක ආසියාවේ දශකය බව හැබෑව , එහෙත් එහි ඉදිරියේ පෙරගමන් කරුවා චීනය මිස ඉන්දියාව නොවන බව ලංකා ආණ්ඩුව මතක තබා ගත්තොත් අනාගතය වඩා හොද තැනක් වේවි .(රේ)
බියර් වීදුරුවක් ගිය දුරක්...චීනය යනු ප්‍රජාතාන්ත්‍රික රටක් නොවේ.කොමියුනිස්ට් පාලනයක් සහිත රටකි. එය මහජන චීනය නම් වේ. මිළඟ ආර්ථික බලවතා වන්නේ චීනයයි. එනිසයි ලොව සියලු ධනවත් හා ප්‍රභල රටවල් චීනය සමග මෙතරම් ආර්ථික ගිවිසුම් වලට එළඹෙන්නේ.ඒ වගේම යුරෝපයේ ඇති නෙතට පෙනෙන දියුණුව චීනයේ නැති වන්නට ද පිළිවන්. එය වෙනත් කරුණක්....(රේ)
අප මේ ලිපිය ගැන අදහස් ඉදිරිපත් කල යුතු වන්නේ අතිශයෝක්තිය මත බැඳුනු කරනා නිසා නොවිය යුතු අතර දත්තයන් හා බැඳුනු ඒවා මත විය යුතුය.එය යමෙක් දැනට ජිවත්වන රට ගැන හෝ සංචාරයකදී ලද අධිවේගී දුම්රිය,රේල්පීලි හා බැඳුනු ඒවා ගැන නොවිය යුතුය.කෙසේ හෝ චීනය ලොව ආර්ථික බලවතා වීම නම් ඉතා පැහැදිලි යථාර්තයකි....(රේ)
දුලිප් මොනවා දැනගත්තත් බටහිර හා පෙරදිග දුප්පත්කම ගැන වෙනස දන්නෑ වගේ... ඇමරිකාවේ දුප්පතුන් 15% කියන්නේ ඇමරිකානු මිනුම් දන්ඩට අනුව.. ඔවුන් බහුතරය ආසියානුවන් එක්ක බලද්දි මධ්‍යම පාන්තික ජීවිත ගතකරනවා.. උදාහරනයකට ඇමරිකානු 'දුප්පතුන්' බහුතරයකට මෝටර් රථයක් හිමි බව ඔබ දන්නවාද? චීනයේ දුප්පතුන් තමන්ගේ වකුගඩු පවා මුදලට විකුනනවා.. ලෝකයේ ආර්ථිකයන් යහපත්ද අයහපත්ද කියා බලන්නේ ආර්ථිකයේ වර්ධන වේගයෙන් මිස ණය ප්‍රමානයෙන් නොවේ.. ඔබ කියන විදිහට හොදම ආර්ථිකය තිබියයුත්තේ කාටවත් ණය නැති කුඩා දූපත් රාජ්‍ය වල.. චීනය ලෝක බලවතා වෙනවද නැත්ද කියන එක බොහොම විවාදාත්මක කාරනයක්... ලෝක බලවතා යනු මුදල්ම නොවේ... එතැන මෘදු බලය, රාජ්‍යතාන්ත්‍රික බලය, මිලිටරි බලය ආදී බොහෝ කාරණා තියෙනවා... කොහොමත් රටක් හැටියට අප සිටගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමගයි(අ)
සුවිට්සර්ලන්තය හැර යුරෝපයේ අර්ටිකය කඩා වැටමින් තියෙනවා (අ)
ආරක්ෂාව පිළිබඳ ගැටළු ආවෙ නැද්ද? (ත)
ලංකාවේදී දේශපාලකයෙකු සාමාන්‍ය සෙනග අතරට පැමිණියත් රැකවලුන්ගේ රැවුම් සහ තල්ලුකර දැමීම් වත් නොමඳව ලැබෙනවා.(රේ)
දිලිප් සහ නුවන් ගේ අදහස් බැලුවම එකක් කිව යුතුයි. නුවන්ට ප්‍රයෝගික දැනුමක් දැනුමක් තිබෙන අතර දිලිප් ට පොත පතෙන් ලැබුන දැනුමක් ඇති බව කිව හැක. මම ඔය රටවල් දෙකටම ගිහින් තියෙනවා. මට ආර්ථික විද්‍යාව පිලිබඳ දැනුමක් නැත. නමුත් චිනේ ඉන්නේ නම් හිගන්නෝ. ඇමෙරිකාවේ ඒ තත්වය බොහෝ අඩුයි.චිනේ බොහෝ ඩුප්ලිකේට් බඩු තියෙනවා 100 කියන බඩුව 10 දක්වා අඩු කර ගන්න පුළුවන් කේවල් කිරීමෙන් .නමුත් ඇමෙරිකාවේ බඩු චිනේ නිෂ්පාදනය කළත් යුරෝපයේ තත්වයට සාදන ලද ඒවා. ඒ වගේම පොඩි වැඩක් කිරීමට චීන්නු 10-15 අවශ්‍යයි නමුත් ඒ වැඩේම ඇමෙරිකාවේ දී 1 මිනිසෙකුගෙන් සිදුවෙනවා.දෙදෙනාම ටිකක් හොයල බලන්න. (බ)
සිල්වි මෝඩ කතා කියන්න එපා.. චීනය දැන් තියෙන මට්ටමට දියුණු වෙලා තියෙන්නේ බටහිර සමාගම් වල ආයෝජන නිසයි.. අද චීනයේ ඇති ඇමරිකානු සමාගම් එහෙන් ගියොත් චීනයට කන්නත් නෑ.. (රේ)
ලංකාවේ නැති සමානත්වයෙන් සැලකීමේ ගුණය මෙහේ ඇත (බ)
ඩේවිඩ් කැමරන් තම ගමේ අවන්හලට චීන ජනාධිපති සමග ඉතා සැහැලුවෙන් යනවා , රාජපක්ෂ රෙජීමය රට පාලනය කරන කාලේ අපේ අැමති කෙනෙක් ගමේ පන්සලට හෝ ගමේ කොපි කඩේට එනවනම් අමෙති ආරක්ෂකයෝ අඩුම තරමේ 20 -30 වත් එතුමා පිරිවරාගෙන ඉන්නවා , දැන් නම් අමෙති වරුන්ට ආරක්ෂකයෝ ටිකක් අඩුය , ඩේවිඩ් කැමරන්ට , චීන ජනාධිපතිට ත්‍රස්ත තර්ජන ඇත , නමුත් ත්‍රස්තවාදීන් සහමුලින්ම විනාශකළ අපේ රටේ දේශපාලකයෝ යන්නේ ආරක්ෂකයෝ අඩුම තරමේ 10 වත් පිරිවරාගෙන , මම දකින්නේ ලංකාවේ දේශපාලකයෝ මෙය තම බලය පෙන්වීමට අනුගමනය කරන බොරු මෝස්තරයක් ලෙසය (බ)
ඩ්‍රාෆ්ට් බියර් එකක් ගහන්නේ .. ගිනස් වෙන්න ඇති .. හොඳ ආතල් එකක් ගන්න ඇති ..චීන ජනපති නම් හොදටම අප්සට් යන්න ඇති පොඩි තැනකට එක්ක ගියාට ..මොකද එයාල පිට රටවල් වලට යන්නේ තමන්ගේ රටේ ගන්න බැරි ගැඹුරු ආතල් ගන්න බලාගෙන නේ ..හරියට අපේ අය යනවා වගේ ..(බ)
අපේ ඉතින් මතට ෆුල් තිත නේ ..(බ)
නාමල් නොදන්නාකම කම ප්‍රදර්ශනය කරන්න යන්න එපා ඔයා , මොන ප්‍රවෘත්ති වලින්ද ලෝකය ගැන දැනගන්නේ ඇමරිකානු සමාගම්....... කොහෙද එහෙම ඒවා තියෙන්නේ , දන්නවද පසුගිය දශකය තුල චීන ආයෝජකයින් කොඉතරම් විශාල ඇමරිකානු සමාගම් වල අයිතිය අරගෙන තියෙනවද කියලා . ඒ විතරක් නෙමේ සුද්දන්ට අයිති වෙලා තිබුණ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවල දියමන්ති සහ අනෙක් විශාල කනිජ ආකර සියල්ලක්ම වගේ දැන් අයිතිය චීනයටයි . ඒ වගේම ඔස්ට්‍රේලියානු වගා බිම් වලින් වැඩි හරියක් . නිදහස ලබලා අවුරුදු 60ක් ගිහිල්ලත් සුද්දව කරෙන් බස්ස ගන්න බැරි ලාංකිකයෝ ..... දැන් සුද්දෝ , කියන්නේ හිගන්නෝ (අ)
රුපයේ පල නොවුනට සියගණනක් ආරක්ෂක වළල්ලක් මැද මෙවැනි තැන්වලට යන්න ඇති. සමානාත්මතාවය පෙන්නුම් කලාට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නැහැ මෙතන....(රේ)
සුරුට්ටු සිංහලයන් හිතන්නේ එයාලගේ දේශපාලකයෝ එයාලගේ දෙයියෝ කියලාය,එ්ක හොඳට දැනගන ඔය සුරුට්ටු දේශපාලකයෝ එයාලගෙ ඔලුව ඉදිමිලා.(අ)
අපේ රටට විදේශ විනිමය ලැබෙන්නේ( අපේ නිෂ්පාදන වලට වෙළඳ පලක් තිබෙන්නේ යුරෝපා රටවල් සහ ඇමෙරිකාවෙනි , මැද පෙරදිග සහ යුරෝපයේ සේවය කරන ශ්‍රමිකයන්ද රටට මුදල් එවනවා ) අපි බඩු ගන්නේ චීනෙන් ( බොහෝවිට අපිට අවශ්‍ය බඩු භාණ්ඩ සහ සේවා අපි මුදල්ගෙවා චීනයෙන් ලබාගනිමු , චීනයේ වැඩකරන ශ්‍රී ලංකිකයන්ශ්‍රමිකයන් විරලය මේක තමා ඇත්ත තත්වය (රේ)
සිල්වි මුලින් ඉදිරිපත්කල අදහස ට මාද එකඟයි. චීනය ඇත් කරගැනීම ගැන අප රට ඉදිරියේදී වඩාත් පසු තැවේවි. (අ)
අපරට චීනය ඈත් කර ගැනීම 'මුනත් එක්ක ඇති තරහට නහය කපා ගැනීම' වැනි දෙයක්...ලොව ප්‍රබල රටවල් චීනයත් සමග උපක්‍රම ශිලිව ලංවෙන විට දී අප චීනයෙන් ඈත් වූවා.(අ)
සිල්වා සහ ගුණවර්ධන කියන අදහස් හොඳින් හිතන්න. එයාල කියන්නේ සත්‍ය සහ යථාර්ථය තමයි. (අ)
දිලිප් මහතාණෙනි, ඔබේ සමහර තොරතුරු නිවැරදි නැත. චීන ආර්ථිකය වේගයෙන් කඩා වැටෙනවා. කොටස් වෙළදපොළ කඩා වැටී අවසන්. ලෝක වෙළඳ පොළේ යපස් මිල දෙස බලන්න. ඕස්ට්‍රේලියාවේ ඉඩම් තවම චීන සමාගම් වලට බදු දී නැත. තවම සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. මෙහි ජීවත්වන අප එය හොඳට දන්නවා. කරුණාකර නිවැරදි තොරතුරු සඳහන් කරන්න. නොදන්නවා නම් නොලියා ඉන්න. (නි)
ෆිෂ් ඇන්ඩ් චිප්ස් වාගේම කතාවත් රසවත්.පින්තූරත් ලස්සනයි.හරිම සතුටක් දැනුනා ලිපිය කියවද්දී.තිස්ස මහතාටත්,ලංකාදීපයටත් ස්තුතියි. (නි)
දිලිප් ඔයා නියමයි, මට කියන්න තිබුණෙත් ඕකම තමයි. සංකල්ප කියන දෙයත් අපේ රටේ හරක් ට තේරුණොත් ඇති. නැත්නම් හැම දෙයටම ජාත්‍යන්තරය කියල බටහිර රටවල් පස්සෙන් විතරක් ගිහින්, ඉතින් ගමේ ගොඩේ කියන විදියට අපිට අබසරණයි තමයි. (අ)
අපේ රටේ නම් මෙහෙම වෙයිද? (නි)
නාමල්,නුවන්ලගේ අදහස් ගැන පුදුම හිතෙනවා. (නි)
ඉසුරන්දි හරියටම හරි. (නි)
ආර්ථික හැකියාවෙන්, අවි ආයුධ බලයෙන් රටක් අල්ලන්න පහසුයි. ඒත් සංස්කෘතියෙන් රටක් අල්ලන්න එක පහසු වැඩක් නෙමෙයි (නි)
ආරක්ෂාව කියන්නේ දෙතුන් දෙනයි පබ් එකේ ඉන්නේ. පේන්නේ නැද්ද? (නි)
පළමු පින්තුරයෙන් සමාජවාදය, ධනවාදය සහ ත්‍රස්තවාදය ( පසු බිමේ තුවක්කු හතරකි) පිළිඹිබු වෙනවා. ඩේවිඩ් කැමරන් ගේ මේ ආගන්තුක සත්කාරය තුළ හිතාගත නොහැකි යටි පෙළ අරුතක් ඇති බව සිතෙයි.....(රේ)
චීනාගේ බියර් එක ආවේ චීනේ ඉඳලා. ලෝකෙට පරකාසේ. (නි)
මමනං මේක දකින්න්නෙ අපේ අර හිටපු ජනාධිපතිතුමා අර යුරෝපයෙන් ආපු කට්ටියකට ඇඹිලිපිටියෙ සියඹලාගහක් යටදි මඤ්ඤොක්ක කන්ඩ දුන්න වගේ වැඩක් කියල. (බ)
ඒ මිනිස්සු ගෙවන්නේ සරල ජීවිතයක් (නි)
ඒ මිනිස්සු අපි වගේ නෙමෙයි (නි)
මල්ෂා,මේ සංවාදය අවසන් කිරීමට පෙර චීනය සමඟ පසුගිය වසර කිහිපය තුළ නිදහස් ආර්ථික ගිවිසුම් අත්සන් කරන ලද රටවල් ප්‍රමාණය කොයිතරම්ද යන්න පහත ලින්ක් එකෙන් බලාගන්න. http://fta.mofcom.gov.cn/topic/chinaasean.shtml ඔබ කියන , අපි විසින් සිටගත යුතුයැයි කියන සියළු මහා ප්‍රජත්නත්‍රවාදී රටවල් සියළු දෙනා ඊට ඇතුළත් බව පෙනේවී . ඔබ දන්නවද ඇමරිකානු බළල් අතක් වූ ලෝක බැංකුවට විකල්පයක් ලෙස චීනය සහ ඉන්දියාව ප්‍රමුඛත්වයෙන් සියලු ආසියානු රටවල් වල සාමාජිකත්වයෙන් බැංකුවක් පිහිටුවා ඇති බව.ඒ වගේම මීට මාසයකට ප්‍රථම ලෝක ආර්ථිකයෙන් 40% පමණ ආවරණය වන රටවල්, එකිනෙකා තීරුබදු අහෝසි කිරීමේ ගිවිසුමක් චීනය සමග අත්සන් කළ බව දන්නවද? (නි)
නාමල් කියන්න මේ ලෝකය ගැන වෙන්න බැහැ. චීනය ඇමෙරිකන් බැඳුම්කර වල තිබෙන සල්ලි ඉවත්කරගත්තොත් ඉතින් ඇමෙරිකාවටත් අබ සරණයි තමයි. (නි)
ලෝකයේ හැම රටක් සමඟම මිත්‍රත්වයක් ගොඩ නඟාගැනීම ඉතා හොඳ ප්‍රතිපතියක්. ඒ වුණාටමේ පුංචි අපේ ලංකාවේ එක ඉඩම් අඟලක්වත් වෙන රටකට දීලා ණය ගන්න ඉඩදෙන්න එපා (නි)
මෙහි නුවන් සහ දිලිප් යන දෙදෙනාම කියන කාරණා වල ඇත්තක් තිබෙනවා. එහෙත් දිලිප් කියන විදියට චීනයට ලෝක ආර්ථිකයේ තවම වැඩි බලයක් නැහැ. ඇත්තේ කෘතීමව ඇතිකර ගත් තත්වයක් පමණයි. චීනය, ඉන්දියාවට හෝ ඇමෙරිකාවට හෝ යුරෝපයට තරම් නව නිර්මාණ බිහිකිරීමේ හැකියාව අතින් ඉන්නේ පහළ මට්ටමක. ඒ නිසා චීනය හැමදාම ඔය කරන දේවල් කර කර සිටීවි. අප ගතයුත්තේ ජපානය සහ කොරියාව ගිය මඟයි. (නි)
එක එක රටවල එක එක සිරිත් විරිත් සංස්කෘතීන් , ඒවා අපිට ගලපන්න යන එකනම් ඒ තරම් ගැලපෙනවා කියල මම හිතන්නේ නැහැ , මොකද පෘතුගීසින් ඉංග්‍රීසින් අප රටට පය ගසනකොට අපේ මුතුන් මිත්තන් මස් මාංස නොකන සුරාවෙන් තොර පංචසිලයම ආරක්සා කොරගත්ත උතුම් මිනිසුන් බව ඉංග්‍රීසි හිරකාරයෙක් බවට පත් වෙලා හිටපු රොබට් නොක්ස් මහත්තයාගේ කෘතිය කියවල බැලුවොත් ජාතියක් හැටියට අතිතකාමයෙන් සතුටු වෙන්න පුළුවන් , හැබැයි අද අපි හිනැහෙනවද අඬනවද කියල අපිම තීරණය කළ යුතුයි (බ)
නාමල් තව ටිකක් ලෝකය ගැන .ඉගනගෙන එන්න .මේක ලංකාවේ අයට හොද පාඩමක් (රේ)
එංගලන්තයේ කුඩා නගරවල තිබෙන පැබ් වල සවස් කාලය හරිම සුන්දරයි. පැබ් වල විශේෂත්වය තමා සමානාත්මතාවය. (නි)