IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


චීන බෝට්ටු සිය ගණනක් දකුණු චීන මුහුදට

සන්නද්ධ කණ්ඩායම් හෝ ආරක්ෂක අංශවලින් සමන්විත චීනයට අයත් කුඩා යාත්‍රා සිය ගණනක් දකුණු චීන මුහුද පුරා දක්නට ඇතැයි පිලිපීනය චෝදනා කරයි.

කුඩා කණ්ඩායම් ලෙස දකුණු චීන මුහුද පුරා විසිරී ඇති මෙම යාත්‍රා ඉවත් කරගන්නැයි ද පිලිපීනය චීනයට අවධාරණය කරයි.

‘විට්සුන්’ කොරල් පරය ඇති සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපය තුළට මෙම බෝට්ටු පැමිණ ඇතැයි ද එය තර්ජනයක් යැයි ද පිලිපීනය පෙන්වාදෙයි.

කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක්ම චීනයේ මෙම ක්‍රියා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

කෙසේ නමුත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සැඩ මුහුදට හසු වූ බෝට්ටු මෙලෙස එම කලාපයට පිවිස ඇතැයි ද එම බෝට්ටු කිසිවක සන්නද්ධ අංශ හෝ චීන ආරක්ෂක අංශවල සාමාජිකයන් හෝ නැති බවත් චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු අවධාරණය කරති.

චීනයේ සමුද්‍රීය සන්නද්ධ කණ්ඩායම්වලින් සමන්විත බෝට්ටු සිය ගණනක් අනවසර සහ නීතිවිරෝධී ලෙස දකුණු චීන මුහුද වෙත පිවිස ඇතැයි ‘දකුණ චීන මුහුද සම්බන්ධයෙන් වන පිලිපීනයේ කාර්යසාධක බලකාය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙලෙස බෝට්ටු සිය ගණනක් පැමිණීම සිය රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් ඒවා කඩිනමින් ඉවත් කර ගත යුතු බවත් එම කාර්යසාධක බලකාය සිය නිවේදනය මගින් ඉල්ලීමක් ද කර ඇත.

මැනිලාහිදීය (රොයිටර්ස්)



අදහස් (0)

චීන බෝට්ටු සිය ගණනක් දකුණු චීන මුහුදට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site