චීනයේ නිරිතදිග යුනාන් පළාතේ සිදුවූ භූමිකම්පාවකින් 175 දෙනකු මියගොස් 1400 ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. චීනයේ ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අද සවස 4.30ට පමණ ඇතිවූ භුමිකම්පාව රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි. ඇමෙරිකා භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ එය රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් බවයි.
භූමිකම්පාවේ අපි කේන්ද්‍රයේ සිට කිලෝ මීටර 11 ක ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් නිවාස 12,000ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී තවත් 30,000ක් පමණ කැඩී බිඳී ගොස් ඇති බවත් බීබීසී ලෝක සේවය වාර්තා කරයි. චීන රජය පවසන්නේ වසර 14ට පසු යුනාන් පළාතට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටේ අය කරන පාප කාර්ම හින්ද තමයි ඔය වගේ විපත්ති ඇති වෙන්නේ ළඟදීම ලංකාවටත් එයි ඕව (දී)
අපි මොනවා කිවත් කලත් සොබා දහම එයාට උවමනා දේ කරනවා ! අපිට අපේ සුනාමිය මතකනේ ! (දී)
මිනිසා විසින් මහපොළවට පිහියෙන් අනිනවා වගේ දරාගන්න බැරිතරම් විනාශයන් කරනකොට මහපොලව උනත් කොහොම උහුලන්නද? (නදී)