IMG-LOGO

චීන පූස් දැරියට සැත්කමක්

චීනයේ වයස අවුරුදු හයක දැරියකගේ පිටෙහි, අත් පා වල හා මුහුණේ තැන් කිහිපයක පූස් පැටියකුගේ මෙන් අසාමාන්‍ය ලෙස වැඩෙන රෝම ඉවත්කිරීමේ සැත්කමක් චෙණ්ඩු පළාතේ රෝහලක සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරිතදිග චීනයේ සිචුවානා හි වාසය කරන සාඕ සින්රුයි නමැති මේ දැරියගේ සිරුරේ රෝම මතුවීමට පටන්ගෙන ඇත්තේ වසරකට පමණ පෙර බව ඇගේ පියා පවසයි. පපු පෙදෙසේ මුළින්ම රෝම මතුවී ඇත. මුලින් ම තරමක් දුර්වර්ණ සිනිදු රෝම මතුවූ බවත් පසුව තද කළු පැහැ වූ බවත් ඔහු කියයි. මේ රෝම දුටු මව ඇයත් පියාත් හැරදමා ගොසිනි.

හතලිස් පස් හැවිරිදි පියා ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ සිය මව හා පියා සමග වෙසෙමිනි. ඔවුන්ට නිශ්චිත ආදායමක් නැත. දැරියගේ රෝගය ගැන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ආධාර ලෙස ලැබී තිබේ.

වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් බවයි. රෝම වැඩුණු සම ඉවත්කැර එතැනට නව සමක් බද්ධ කිරීමෙන් ඇය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බව ද ඔවුහු කියති.

walas (5) walas (4) walas (3) Docs Baffled After Black Fur Spreads Over Girl, 6 walas (1)



අදහස් (0)

චීන පූස් දැරියට සැත්කමක්

ලංකා Saturday, 26 July 2014 11:13 AM

අසරණ වු වේලාවට දරුවන් දමායන අම්මලා කොහේත් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 30 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1574 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1694 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site