චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි.
‘ලුමී’ සහ ‘පයිරී’ යන මෙම පැන්ඩා වලසුන් දෙදෙනා, ෆින්ලන්තයට තෑගි වශයෙන් ලැබුණේ 2018 වසරේදීය. ඒ, චීන ජනාධිපති ෂී ජින්පින් ෆින්ලන්තයේ නිල සංචාරයකට සමගාමීවය.
පැන්ඩා වලසුන් දෙදෙනා ‘අතාරී’ නමැති ෆින්ලන්ත සත්වෝද්‍යානයට යැවුණි. වලසුන් දෙදෙනා සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ ආකර්ශනයක් බවට පත් වුවත්, උන් නඩත්තු කිරීමට වසරකට යූරෝ මිලියන 8 කට වඩා වැඩි මුදලක් වැය වෙයි. මෙය ෆින්ලන්ත රජයට විශාල බරක් බව පැවැසෙයි.
චීනයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස, පැන්ඩා වලසුන් දෙදෙනා, වසර 15 ක් සත්වෝද්‍යානයේ රඳවා ගැනීමට නියමිත වුවත්, මෙම නොවැම්බරයේ පැන්ඩා වලසුන් දෙදෙනා යළි චීනයට යැවීමට බලාපොරොත්තු වන බව ෆින්ලන්ත රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක්
Ama Thursday, 26 September 2024 02:26 PM
අන්න දියුණු රටවල් වියදම් ගැන හිතන හැටි...!