දකුණුදිග චීනයේ, ග්වන්ඩොං පළාතේ, ග්වන්සෝ නගරයෙන් 'කොවිඩ් 19' රෝගීන් හමුවීමට පටන්ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය මැයි 21 වැනිදා සිට මේ දක්වා නගරයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 80 කි.
ආසාදිතයන් හඳුනා ගනිමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ග්වන්සෝ නගරයට පමණක් නොව, ග්වන්ඩොං පළාතේ දිස්ත්‍රික්ක 11 කට ද සංචරණ සීමා පනවා ඇත. හමුදාවේ ද සහාය සෞඛ්‍ය බලධාරීන්ට ලැබෙන බවත්, ආසාදිතයන් හමුවන පළාත්වල පීසීආර් පරීක්ෂණ දිගටම සිදු කෙරෙන බවත් වාර්තා වේ.
පිට පළාත්වලින් ග්වන්සෝ නගරයට පැමිණි අයට නගරයෙන් පිටවීමට නම්, පීසීආර් වාර්තා 'නෙගටිව්' විය යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.
චීනයේ මේ අයුරින් විටින් විට, තැනින් තැන කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ ද චිනයෙනි. වයිරසයේ ආරම්භය සිදුවූයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.
කෙසේ නමුත් ලොව සෙසු රටවලට වයිරසය ව්‍යාප්ත වෙද්දී, චීනය එරට වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් විය. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා චීනයෙන් වාර්තා වී ඇති 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 91,248 කි. මරණ ගණන 4,636 කින් නතර වුණු අතර, අලුතින් කිසිදු මරණයක් වාර්තා වී නැත.
ග්වන්සෝහිදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
චීන නගරයක කොරෝනා පොකුරක්