අති තරගකාරී චීන සමාජය හා හැකි උපරිම අයුරින් තරගයේ යෙදීමේ අරමුණ ඇතිව තම දරුවන් විශේෂ පුහුණු කදවුරු කරා යැවීමට චීන දෙමව්පියෝ පුරුදුව සිටිති.

තරබාරු දරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති කදවුරක් මින් ප්‍රධානය.එහිදී විවිධාකාරයේ ව්‍යායාම  භාවිතයෙන් දරුවන්ගේ තරබාරු බව අඩු කරලීමට කටයුතු කෙරේ.

දරුවාගේ ස්වභාවය කුමක් වුවත් ඉන් දෙමව්පියන්ට ඵලක් නොමැති බව සැබෑය.නමුත් ලොව අන් රටවල මෙන් නොව චීනයේ දෙමව්පියන්ට තම දරුවන්ගේ අනාගතය සළකා ඔවුන්ගේ පෙනුම ගැනත් වද වීමට සිදුව ඇති සේය.

පිහිණීම,දිවීම,ව්‍යායාම ක්‍රම,උපදේශන සේවා ආදියෙන් දරුවන්ගේ තරබාරු බව අඩු කර ලීම මෙම කදවුරේ සිදුවේ.දැනටමත් එයට විශාල දරුවන් පිරිසක් අනුයුක්ත වී සිටින්නේයැයි සදහන්ය.

චීන සමාජයේ හොදින් ජීවත් වීම තකා දෙමව්පියෝ මෙසේ තම දරුවන් කදවුර කරා යවා ඇතැයි පැවසතෙත් තරබාරු බව චීන ජනතාව අතර හිස ඔසවමින් තිඛෙන ගැටලූවකි.

අලූත්ම අධ්‍යන වාර්තා වලට අනුව තරබාරු පුද්ගලයින් සිටින රටවල් අතුරින් පළමු ස්ථානයේ සිටින ඇමරිකාවට පසුව සිටින්නේ චීනයයි.